රට ගොඩනගන සමගි ජන බලවේග ‘විකල්ප මාවත-ප්‍රායෝගික මාවත’ නම් වැඩපිළිවෙළ

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ අන්ත දක්ෂිණාංශක නව ලිබරල්වාදයත් අන්ත වාමාංශික සමාජවාදයත් අතර සමබර මැද මාවත බවයි විපක්ෂක නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

ඒ සඳහා සංශිෂ්පත කරුණු 20ක් සහිතව මෙම වැඩපිලිවෙල ඉදිරිපත් කරන බව පැවසු සජබ නායකයා එම ප්‍රතිපත්ති 20 තුළ රටට වඩා සෞභාග්‍යයක් හා නවෝදයක් ස්ථාපිත කළ හැකි බවට විශ්වාසය පළ කළේය.

ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට පිළිතුරු කතාවක් සිදු කරමින් රට සෞභාග්‍ය කරා ගෙන යා හැකි කරුණු 20ක් ඉදිරිපත් කරන බව විපක්ෂ නායකවරයා 08 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.


සමගි ජන බලවේගය ආර්ථික සංකෝචනයක් නොව ශීඝ්‍ර ආර්ථික වර්ධනය සහ ප්‍රසාරණය විශ්වාස කරන බවත් වේගවත් ආර්ථික සංවර්ධන රටාවකට රට ගෙනයාමට අපේක්ෂා කරන බව ද පැවසීය.


ඒ තුළින් ජීවන මට්ටම සහ ආර්ථික මට්ටම ඉහළ යාම තුළ සියල්ලන්ම අන්තර්ගත වූ වර්ධනයක් සහ සාමුහික සමෘද්ධියක් අපේක්ෂා කළ හැකි බවයි සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

සමානාත්මතාව, සාධාරණත්වය, යුක්තිය යන ප්‍රතිපත්තීන් අනුගමනය කරන වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ද විපක්ෂක නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය. 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්