වැට් බද්ද ඉහළ දැමීමට සිදුවුයේ රජයේ අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵලයක් නිසා

බව එක්සත් ජනරජ පෙරමුණේ නායකයා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට පක්වීමට ද හේතු වුයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ කළමනාකරණ තීන්දු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ආධාර සපයන්නේ විවිධ කොන්දේසි මත බව කී මන්ත්‍රීවරයා කොන්දේසි කළමනාකරණය මගින් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළ හැකි බවට විශ්වාසය පළ කළේය.

යහපාලන සමයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව ළඟා කර ගත යුතු ඉලක්ක 16 ක් සැකසු නමුත් ඒවා සම්පූර්ණ ලෙස ඉටු කර ගැනීමට වත්මන් රජයට හැකියාවක් නොමැති බව ඔහු පැවසීය.

රටට උචිත, ගැටලු සහගත නොවන විද්‍යාත්මක  ක්‍රමයක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සබඳතා පවත්වා ගත යුතු බව පාඨලී චම්පික රණවක පෙන්වා දෙයි.

වත්මන් රජය වර්තමානයේ ක්‍රියාකරන්නේ වගකීම් විරහිතව බවට චෝදනා කරන පාඨලී චම්පික රණවක, සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට විධිමත් ක්‍රමයක් සැකසීමට පියවර ගත යුතු බව අවධාරණය කරයි.

ඊට වත්මන් රජය අපොහොසත් බවත් රට සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට එක්සත් ජනරජ පෙරමුණ සතුව නිවැරදි හා විශ්වසනීය සැලසුම් ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියේය. 

  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්