හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේම පවුලේ උදවියගේ බිල්ලක් වු බවට හිටපු ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට දායකත්වය ලබා දුන්

මව්බිම ජනතා පක්ෂයේ නායකයා ප්‍රකාශ කර තිබේ.

' Ranabahu with Masters' සමාජ මාධ්‍ය නාලිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී එම පක්ෂයේ නායක දිලිත් ජයවීර හෙලිකර ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් නෙරපීමට රාජපක්ෂවරුන්ට අවශ්‍ය වී තිබු බවයි.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයකු වීමට බලා සිටින දිලිත් ජයවීර තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රටේ වෙනසක්, විනයක් ගොඩ නැගීමට හැකි නායකත්වය ගෝඨාභය ලග ඇති බවට ඔහු සහ 69 ලක්ෂයක් වු ජනතාව විශ්වාස කළ බවයි.

මව්බිම පක්ෂයේ නායක දිලිත් ජයවීරගේ සම්මුඛ සාකච්ඡාව සැකෙවින් පහත පළ වේ.

 ''69 ලක්ෂයට සහ රාජපක්ෂ වාසගමට බයේ, ලජ්ජාවෙන්, අප්‍රසාදයෙන් ජාතිකත්ව දේශපාලනයට එක් නොවූ, සහය නොදුන් නමුත් හදවතින් ඒ සඳහා ආශීර්වාද කල, ආදරය කල සියලු දෙනාටම මව්බිම ජනතා පක්ෂය එක්ක එකතු වෙන්න පුළුවන්. අපි මේ දත කන්නේ සතුටින් ඉන්න මිනිස්සුන්ගෙන් පිරුණු රටක් නිර්මාණය කරන්න. ඒ සඳහා පැහැදිලි දැක්මක් විශවාසයක් සහ වැඩපිළිවෙලක් එක්ක තමයි අපි ඇවිත් ඉන්නේ. ''

 
2500ක සමෘද්ධියෙන් ජිවත් වෙන්න පුලුවන්ද ? එක එහෙම කරන්න බෑ කියලා දැන දැනම මේ ආණ්ඩු දිගින් දිගටම ඒකම කරනවා. තව ඩිංගක් අත මිට මොලවලා අස්වැසුම කියලා දෙනවා. එකෙන් ඒ මිනිස්සුන්ට සතුටින් ඉන්න පුලුවන්ද ? 

 
අපි සතුටින් හිටපු ජාතියක්. අරගල කර කර මිනිස්සු ඉල්ලුවේ ඒ සතුට. අහිංසක මිනිස්සුන්ගේ සතුට මේ ආණ්ඩුව පාවා දුන්නා වගේම රාජපක්ෂ සහෝදරවරු සහ පුත්තු තමන්ගේ බාප්පා වෙච්ච ගෝඨාභය ජනපති කමින් නෙරපන්න, දේශපාලනයෙන් ඉවත් කරන්න අරගලය ඉත්තෙක් බවට පත් කරගෙන ඒ මතින් රාජපක්ෂ පවුලේ හුදු පුද්ගලික බල අවශ්‍යතා ඉටු කර ගත්තා.

 
ගෝඨාභය රාජපක්ෂ තමාගේ සහෝදරයින්ට බිල්ලක් වුණා. මොකද රාජපක්ෂලාගේ ඒ පුත්තුන්ට සහ සහෝදර ජාලයට පවුලේ අවශ්‍යතා සහ පුද්ගලික අභිමතාර්ථ මිසක් රට ගැන හැගීමක් නැහැ. මමත් ඒ රාජපක්ෂවරු රටේ බලයට ගෙන එන්න සහය ලබා දීලා තිබෙනවා. මේ රටේ අනෙකුත් ජනතාව වගේම අපිත් ඔවුන්ව විශ්වාස කළා. අවසානයේ මේ රටේ වෙනසක්, විනයක් ගොඩ නැගීමට හැකි නායකත්වය ගෝඨාභය ලග ඇති බවට මම සහ 69 ලක්ෂයක ජනතාව විශ්වාස කළා. ඒ හැකියාව ගෝඨාභය සඵත කලත් සහෝදරයින්ගෙන් ඔහුට ගැලවෙන්නට හැකියාවක් තිබුණේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරව මේ කඳවුරට පහර දෙන්න උත්සාහ කරනවා. නමුත් ඔවුන් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්න මහින්ද චින්තනය පවා නිර්මාණය කලේ. මම ඔවුන් සමඟ එකට කටයුතු කළා එම ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ. ඊට පෙර චන්දිකා බලයට ගේන්න රනිල්ට එරෙහිව මැතිරණ ව්‍යාපාරයක් දියත් කළා. එක තමයි මගේ පළමු දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාරය. ජනතා විමුක්ති පෙරමුණ එතනත් හිටියා. ඊට පස්සේ ඔවුන් සජිත් ප්‍රේමදාස එක්ක එකට දේශපාලනය කළා. නැවත රනිල් වික්‍රමසිංහ සමඟ එකට දේශපාලනය කළා.

ඔවුන් කා සමඟද එක්ව දේශපාලනය නොකළේ. ඔවුන් තමයි මේ රටේ දේශපාලන ව්‍යජත්වයේ සංකේතය. අනෙකුත් දේශපාලන පක්ෂ හැසිරෙන ආකාරය පිළිබඳව ජනතාවට යම් අවබෝධයක් ලබා ගත හැකි නමුත් අනුර කුමාර දිසානායකගේ ජවිපේ මේ ආකාරයට අනෙකුත් සෑම දේශපාලන පක්ෂයක් සමඟම රහසිගත ඩිල් දමමින් කරන හැංගිමුත්තම් සෙල්ලම ලජ්ජා සහගතයි.

 අපි අපගේ පසුගිය දේශපාලන භාවිතාව පාපොච්චාරණය කරනවා. ඒ පිළිබඳව පසු තැවෙනවා. අන්න එකයි අපි බලාපොරොත්තු වුණ සතුටු දැයක් නිර්මාණය කිරීම සඳහා ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය හරහා මේ රට ගොඩ නගන්නට. සතුටින් ජීවත්විය හැකි රටක් බවට පත් කිරීමට සෘජුවම ඉදිරිපත් වෙමින්  ඉදිරියට ආවේ.

මම අහන්න කැමතියි ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහේ 4 වෙනි පන්තියේ තියන ඉන්දියානු ව්‍යපතවාදය පිළිබඳ වගන්ති අහෝසි කරලද අනුර සහෝදරයා ඉන්දියානු විදේශ ඇමති හමුවෙන්නේ කියලා. ඔවුන් 88,89 කාලේ බොම්බයි ලුණු විකුණපු මිනිස්සු කීදෙනෙක් මැරුවද ? ඉන්දියානු බෙහෙත් දුන්නු වෛද්‍යවරු කීදෙනෙක් මැරුවද ? හැබැයි අද ජවිපෙට දැන් මොකද වෙලා තියෙන්නේ. මමත් පන්ති පහේ හිටපු මිනිහෙක්.

අපි වමට ආදරේ කරපු ජාතිකත්ව, සභ්‍යත්ව රාජ්‍යක් පිලිබඳ විශ්වාස කරපු මිනිස්සු. එයාලට වෙනස් වෙන්න පුළුවන් හැබැයි ජනතාවට ඇත්ත කියලා ඔය චේන්ජ් එක ගන්න. තව දුරටත් ජනතාව නොමඟ යැවීම දැන්වත් නතර කරන්න. මොකද ඔබව විශවාස කරන ආගමක් වගේ ඕක අදහන සීයට තුනක පිරිසක් වුනත් ඔතන බලන්  ඉන්නවා. රාජපක්ෂවරු බලයට ගෙනවිත් රජ කරලා අත පිහ දාගනිපු, දැන් ඒවා වෙනත් පුද්ගලයින් කළා සේ හැසිරෙන ව්‍යාජය අවසන් කරන්න.

 අපි මේ සෘජු දේශපාලනයට එන්නේ සභ්‍යත්වය, ජාතික අභිප්‍රේරණය, ව්‍යවසායකත්වය, උපායමාර්ගික වැඩපිළිවෙල කියන සංකල්ප හතරත් එක්ක. ඉන්දියාව ඇතුළුව ලෝකයේ දියුණු වුණු රටවල් මේ සංකල්ප එක්ක ඉදිරියට ගිහින් තිබෙනවා. අපි ජනතාවට ප්‍රයෝගිකව පිළිගත හැකි, ප්‍රතික්ෂේප කල නොහැකි වැඩ සැලසුම් සහගත පිළිවෙලක්  මේ හරහා ඉදිරිපත් කරනවා.”
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්