වත්මන් ජනාධිපතිවරයාට, ජනාධිපතිවරණය පැවැත්වීමට බාධා කිරිමට ඉඩ නොදෙන බව මෙන්ම

මේ වසරේ නියත වශයෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කර තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමේ මුවාවෙන් වත්මන් ජනාධිපතිවරයා ජනතාවගේ ජනවරම, ඡන්ද අයිතිය නැති කරන්න උත්සාහ කරනවා නම් එයට ඉඩ නොදෙන බවත් 2024 වසරේ පැවැත්වීමට ඇති ජනාධිපතිවරණය සහ මහමැතිවරණයත් අනිවාර්යෙන් සිදුවිය යුතු බව විපක්ෂ නායකවරයා කියා සිටියි.

ඔහු එබව කියා සිටියේ, 09 සිකුරාදා සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 91 වැනි අදියර යටතේ මැද කොළඹ ශාන්ත ආනා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.


වත්මන් ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බවත් පවතින ක්‍රමය වෙනස් කිරීමෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යැයි පවසා විවිධ පාර්ශ්වවලට වරදාන වරප්‍රසාද ලබා දී තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන බවටයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ.


පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, නිදහස, දේශපාලනය කිරීමේ අයිතිය පැහැර හැරීමේ හා පැහැර ගැනීමේ ප්‍රධාන ආයුධය ලෙස විධායක ජනාධිපති බලතල පත්කර ඇති බව ඔහු සඳහන් කළේය.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් වීම සහ විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය විය යුතු බව සජබ ප්‍රතිපත්තිය බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

මීට වසර කිහිපයකට පෙර සමගි ජන බලවේගයේ මහලේකම්වරයා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් කර විධායක ජනාධිපති ක්‍රමය සංශෝධීකරණය කිරීමේ පුළුල් වැඩසටහනකට මුල පිරූ බව ද හෙතෙම මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපතිවරණයක් ඇති වසරක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා සංශෝධනය කරනවා යැයි කියා දේශපාලන ආයුෂ දීර්ඝ කරගැනීමට උත්සාහ දරන ජනාධිපතිවරයකුගේ සටකපට දේශපාලන ගුණ්ඩුවලට සමගි ජන බලවේගය හසු නොවන බව ද සජබ නායකයා පැවසීය.

මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතු බව මෙන්ම ජනවරමට බිය ඇතැම් පාර්ශ්වයන්ගේ හිතේ තියෙන දේවල් ඉටු කර ගන්න ඉඩ නොදෙන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්