මේවනවිට රෝගාතුරුව පසුවන හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ගේ සුව දුක් විමසීමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (11) එක් විය.

ගාමිණි ජයවික්‍රම පෙරේරා ගේ කටුගම්පළ පිහිටි නිවසට අද (11) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා හිටපු අමාත්‍යවරයාගේ සුව දුක් විමසමින් කෙටි කථා බහක නිරත විය.

අනතුරුව පවුලේ ඥාතීන්ගේ ද තොරතුරු විමසූ ජනාධිපතිවරයා ගාමිණි ජයවික්‍රම පෙරේරා ගේ නිවස අසළට රැස්ව සිටී ප්‍රදේශයේ ජනතාව සමඟ ද සුහද පිළිසඳරකට එක් විය.

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ගාමිණි ජයවික්‍රම පෙරේරා ගේ පුතණුවන් වන වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක සුධීර ජයවික්‍රම ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන් කිහිපදෙනෙක් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

lksdfee

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්