රාජ්‍ය ආයතන සම්බන්ධ අර්බුද විසඳීමට එක්සත් ජනරජ පෙරමුණ නව යෝජනා ඉදිරිපත් කර තිබේ.


දැනට රාජ්‍ය ආයතන 1200 ක් පමණ ක්‍රියාත්මක බවත් ඒවායේ කාර්ය පිළිබඳ විද්‍යාත්මක කළමනාකරණ විගණනයක් සිදු කළ යුතු බව පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියේය.

ඒ යටතේ රාජ්‍ය ආයතන වර්ග කළ හැකි අතර වසා දැමිය යුතු රාජ්‍ය ආයතන හඳුනා ගැනිමට ද හැකියාව ලැබේ.

පොල් වගාව ආශ්‍රිතව ක්‍රියාත්මක රාජ්‍ය ආයතන තුනක් ඇති අතර වනජීවී හා වන සංරක්ෂණ යනුවෙන් තවත් ආයතන දෙකකි. එවැනි එකම විෂයයක් වෙනුවෙන් පවතින ආයතන ගණනාවක් ඒකාබද්ධ කිරීම, රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව වර්ධනයට පිටිවහලක් බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

ප්‍රතිව්‍යුහගත කර පවත්වා ගත යුතු රාජ්‍ය ආයතන ද විගණනය මගින් හඳුනාගත හැකි බව මෙන්ම ඇතැම් ආයතන රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධතාවකින් ක්‍රියාත්මක කරවීම ඵලදායී බවයි චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

පෞද්ගලීකකරණය කළ යුතු ආයතන ද විගණනය මගින් හඳුනාගෙන හැකි බව ද ඔහු සඳහන් කළේය.

මෙම සැලසුම් ක්‍රියාවට නැංවීමෙන් සරල, වියදම් අඩු, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සථාපනය කළ හැකි බව සිරස කැඩපත වැඩසටහනට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්