ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන පනත් කෙටුම්පත නැවත සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසත්, එතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අත්හිටුවන ලෙසත් විකල්ප ප්‍රතිත්ති කේන්ද්‍රය ඉල්ලා තිබේ.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ මුදල් රාජ්‍ය ඇමතිවරු වන අශෝක සේමසිංහ සහ රංජිත් සියඹලාපිටිය වෙත ලිපි යොමු කරමින් එම සංවිධානය මෙම ඉල්ලිම කර ඇත.

“විශේෂයෙන් ම මිලියන තුනකට ආසන්න ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඇති පුරවැසියන්ගේ දෘෂ්ටිකෝණයෙන් බලන විට මේ පනත ඔස්සේ ආරක්ෂා වන්නේ ණය ගැනුම්කරුවන් නොව ණය ලබා දෙන්නන් බව පැහැදිලි ය.” යනුවෙන් එම ලිපියෙහි සඳහන් කර තිබේ.

මෙවැනි පනතක් ගෙන ඒම කාලීන අවශ්‍යතාවක් වන බවත් පනතේ සාධනීය අංග ආරක්ෂා කරමින් නිශේධනීය අංග ඉවත් කර වින්දිතයන් ආරක්ෂාවන අයුරෙන් මේ පතන සංශෝධනය කළ යුතු බවයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වා දෙන්නේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යොමු කළ සම්පුර්ණ ලිපිය පහතින් කියවන්න 

 

Letter to Hon. Speaker page 0001

(චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්