මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විටත් ආරම්භ කර ඇති පරිසරයක වී ගොවියා‌ගේ යහපතට හේතු වන ආකාරයට රජයේ නිසි

මැදිහත්වීමක් සිදු විය යුතුව ඇතැයි 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කරයි.

රටට බත සපයන වී ගොවියාගේ යහපත හා ආරක්ෂාව උදෙසා ස්ථීරසාර ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් නොමැතිවීම නිසා කන්නයෙන් කන්නයට අස්වනු නෙලන කාල සීමාවන්හිදී මතු වන දුක්ගැනවිලිවලින් පැහැදිලිව ප්‍රදර්ශනය වන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

ඒ අනුව මෙවර මාස් කන්නයේ වී අස්වනු මිලදි ගැනීම සඳහා ප්‍රායෝගික වැඩපිලිවෙළකට තීන්දු තීරණ ගත යුතුව තිබුණේ අස්වනු නෙලීම ආරම්භ කිරීමෙන් පසුව නොවේ. යම් කලකට පෙර සිට ඒ සඳහා පූර්ව සූදානමක් පැවතිය යුතු බව එම සංවිධානයේ මහ ලේකම් සුනිල් ජයසේකර අවධාරණය කරයි.

 වී අස්වනු මිලදි ගැනීම සඳහා සුළු හා මධ්‍යම පරිමාණයේ වී මෝල් හිමියන් වෙත ණය ක්‍රමයක් හදුන්වාදීමට හදුන්වා දී ඇතත් වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදි ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් තවමත් ආරම්භ නොවීම තුළ පෙර සුදානමක් නොතිබු බව පෙනේනට ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ (ග්‍රාමීය ගොවි ජනතාව ද බරපතල ආර්ථික කඩාවැටීමකට ගොදුරු වී සිටින පරිසරයක් තුළ වගා කටයුතුවලට පමණක් නොව තම එදිනෙදා ජිවිතය පවත්වාගෙන යාමට පවා ණයකරුවන් බවට පත්වීමට ඔවුන්ට සිදුව ඇතැයි එම නිවේදනයේ දැක්වෙයි.

රටක් ලෙස දේශීය ගොවි ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථිරසාර වැඩපිළිවෙලකට යොමු වීම ආණ්ඩුවේ වගකීමක් බවයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්