බුද්ධිමත් නොවන විවිධ තීරණ හේතුවෙන් විශ්ව විද්‍යාල පද්ධතිය අර්බුදයට ලක්ව ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී

පාඨලී චම්පික රණවක පවසනවා.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රට හැරයාමේ ප්‍රවණතාවක් පවතින බව මෙන්ම ඉදිරියේදී තවත් ආචාර්යවරුන් රැසක් ශ්‍රී ලංකාවෙන් පිටතට යාමේ තත්වයක්ද නිර්මාණය විය හැකි බව ඔහු කියා සිටියේ 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' වැඩපිළිවෙළ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වෙත ඉදිරිපත් කරමිනි.

විශ්ව විද්‍යාල පද්ධතියට ගුරුවරුන් 12,000 ක් අවශ්‍ය නමුත් මේ වනවිට ගුරුවරුන් 5500 කට ආසන්න පිරිසක් පමණක් සිටින බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

විශ්ව විද්‍යාල වෙත ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට රජය පියවර ගත්ත ද ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම ගැටලුවක්ව ඇති බවත් මෙවැනි තත්වයකදී විශ්ව විද්‍යාල ආශ්‍රිත ගැටලු විසඳීමට ඉදිරියේදී ප්‍රමුඛතාව ලබාදිය යුතු බව මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය භරණ ජයවර්ධන සඳහන් කළේ, දේශපාලන සාකච්ඡාවල ඉදිරි පියවරක් ලෙස මෙම හමුව හැඳින්විය හැකි බවයි.

කොළඹ පදනම් ආයතනයේ පැවති මෙම අවස්ථාවට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් හා එක්සත් ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනාරච්චි ඇතුළු පිරිසක් එක්විය.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්