ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකුගේ සහාය ලැබී තිබියදි පවා ඊයේ (28) පැවති ඇල්පිටිය ප්‍රදේශිය සභා අය වැය ඡන්දයෙන්, පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජයට පත්ව තිබේ.

 

එහිදී අය-වැය ලේඛ­න­යට පක්ෂව ඡන්ද 12ක් ලැබී ඇති අතර විප­ක්ෂව ඡන්ද 14ක් ලැබී තිබිණ. මන්ත්‍රී­වරු තිදෙ­නෙක් ඡන්දය විම­සන අව­ස්ථාවේ සභාවේ නොසි­ටි­යහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අය වැයට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ A.K.D උදය ප්‍රියන්ත මන්ත්‍රීවරයාද අය වැයට පක්ෂවීම විශේෂත්වයකි.

සමගි ජන බලවේගය විපක්ෂය හොබවන ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ අය වැයට විපක්ෂව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සිය ඡන්දය භාවිතා කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ඇල්පිටිය ප්‍රදේශිය සභාවේ අය වැය මීට පෙර තෙවරක් පරාජයට පත්වීම හේතුවෙන් සභාපති ධුරය හෙබවු කරුණාසේන පොන්නම්පෙරුමට සිය ධූරය අහිමි වු අතර මෙවර අය වැය ඉදිරිපත් කරන ලද්දේ වත්මන් සභාපති නලීන් ප්‍රියදර්ශන විසිනි.

ඊයේ පැවති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කන්ඩායම මෙහෙයවා ඇත්තේ, බෙන්තර ඇල්පිටිය ආසනයේ සජබ ප්‍රධාන සංවිධායක සහ පක්ෂයේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලකයි. 

පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ පොහොට්ටුවට හිමිවූ ජයග්‍රහණයක් 
 
 
2019 ඔක්තෝබර් 11දා පැවති ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ දී කොට්ඨාස 17ම පහසුවෙන් දිනා ගනිමින් ප්‍රබල ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය.
 
 
සභිකයන් 29 දෙනෙකුගෙන් සමන්විත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයන් 17 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, සභිකයන් 7 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභිකයන් 3 දෙනෙකු හිමිවිය. ජනතා විමුක්ති පෙරමුණට ආසන දෙකක් හිමිවිය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සමස්ත ඡන්ද ප්‍රතිඵලය :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 17
එක්සත් ජාතික පක්ෂය - ආසන 7
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 3
ජනතා විමුක්ති පෙරමුණ - ආසන 2


ප්‍රකාශිත ඡන්දවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 23,372ක් රැස් කරගෙන තිබූ අතර, එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 10,113 ක් හිමි වී තිබුණි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද 5273 ක් සහ ජනතා විමුක්ති පෙරමුණට 2435ක් ලැබී තිබිණ.

නිල කාලය අව­සා­න­යට පෙර මන්ත්‍රී සභික ධුර අහෝ­සියි

ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාවේ නිල කාලය නොවැ­ම්බර් මස 04 වැනි දින අව­සන් වීමට නිය­මි­තව තිබිණි. 
 
 
එහෙත්, මෙරට පළාත් පාලන ඉති­හා­සයේ ප්‍රථම වතා­වට ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාවේ දෙවැනි වතා­වට පත් වූ සභා­ප­ති­ව­රයා විසින් ඉදි­රි­පත් කළ අය-වැය ලේඛ­නය දෙවැනි වතා­වට ද ඊයේ (28) පරා­ජ­යට පත්වීම නිසා සභාවේ නිල කාලය අව­සන් වීමට ප්‍රථම සභාවේ සියලු මන්ත්‍රී­ව­රුන්ගේ සභික ධුර­යන් අහෝසි වන බව දකුණු පළාත් පාලන කොම­සා­රිස් රනිල් වික්‍ර­ම­සේ­කර පව­සයි.
 
 
මේ නිසා සභාවේ නිල කාලය අව­සන් වීම­ටත් ප්‍රථම සභාව ඉබේම විසු­රුවා හැරෙන බව ද පළාත් පාලන කොම­සා­රි­ස්ව­රයා පව­සයි. 

පළාත් පාලන මැති­ව­රණ ආඥා පනත අනුව යම්කිසි ප්‍රාදේ­ශීය සභා­වක දෙවැනි වතා­වට පත් වූ සභා­ප­ති­ව­රයා විසින් ඉදි­රි­පත් කරනු ලැබූ අය-වැය ලේඛ­නය දෙවැනි වතා­වට ද පරා­ජ­යට පත්වී­මෙන් පසු ප්‍රාදේ­ශීය සභාව ඉබේම විසු­රුවා හැරී­මට ලක්වෙන බව ද හෙතෙම කියා සිටියි.

ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති නලින් පිය­ද­ර්ශන (ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ) ඉදි­රි­පත් කරනු ලැබූ අය-වැය ලේඛ­නය ඊයේ (28) වැඩි ඡන්ද දෙක­කින් පරාජයට පත් වීම හේතුවෙන්, අය-වැය ලේඛ­නය ඉදි­රි­පත් කළ දින සිට දින 14කට පසු ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාවේ සියලු සභි­ක­යන්ගේ සභික ධුර අහෝසි වී මාර්තු මස 6 වැනි දින වන විට සභාව විසි­රී­මට ලක්වෙන බව ද පළාත් පාලන කොම­සා­රි­ස්ව­රයා පෙන්වා දෙයි.

ඊට ප්‍රථම ප්‍රාදේ­ශීය සභාවේ සභා­ප­ති­ව­රයා ඉල්ලා අස්වී­මට ඉඩ ඇති බව ද ප්‍රාදේ­ශීය සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

(චතුරංග මේදිස්)
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්