76 වසරක දුෂිත දේශපාලකයන් විසින් මරණ මංචකය දක්වා කැදවාගෙන ගොස් තිබෙන ශ්‍රි ලංකාව එයින් ගලවා ගැනිම සදහා නව පුනරුද

යුගයක් වෙනුවෙන් පෙළගැසෙන, ශක්තිමත් ශ්‍රී ලාංකික බලවේගයට විදෙස් ගත ශ්‍රී ලාංකික බලය එක්කරමින් එක්සත් රාජධානිය පුරා සිටින ශ්‍රී ලාංකිකයන් සමග අත්වැල් බැදගැනිමට ජාතික ජන බලවේගය මේ වනවිට කටයුතු කරමින් සිටි.

එහි එක් පියවරක් ලෙස මාර්තු 3 වැනිදා සවස 1.00ට වේල්සයේ අගනුවර වන Cardiffහි හමුවක් පැවැත්විමට ජාතික ජන බලවේගයේ එක්සත් රාජධානියේ විධායක කමිටුව කටයුතු යොදා තිබේ.

 


ජාතික ජන බලවේගයේ එක්සත් රාජධානියේ විධායක කමිටුවේ සාමාජිකයින් මෙන්ම සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර ZOOM තාක්ෂණය ඔස්සේ ඔබ සමග අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු සම්පාදනය කර තිබෙන බවයි සංවිධායක මණ්ඩලය සදහන් කළේ.

මාර්තු 16 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේ පැවැත්වෙන "ගැහැනු අපි එක මිටට" මාලිමා කාන්තා සමුළුවට මෙන්ම, ජුලි මාසයේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ එංගලන්ත සංචාරයට සමගාමිව මෙම වැඩසටහ සංවිධානය කර තිබෙන බවයි විධායක කමිටුව අවධාරණය කළේ.

ජාතික ජන බලවේගය මේ වනවිටත් එක්සත් රාජධානිය පුරා ප්‍රදේශ රැසක රැස්විම් රැසක් පවත්වා තිබේ.

Women For London
(ඩෙස්මන් චතුරංග ද අල්විස්)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්