අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින්

සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

නීතිඥ සනත් විජේවර්ධනගේ මාර්ගයෙන් ගොනුකර තිබෙන එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අයකර දෙන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබේ.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද දහවල් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්