විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයෝ වැටුප් විෂමතා ගැටලුව ආදී ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන වෘත්තීය

ක්‍රියාමාර්ගවල තවත් පියරවක් ලෙස රට පුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයෝ බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට අද (29) දහවල් විරෝධතාවයක් පැවැත්වූහ.

විශ්වවිද්‍යාල සේවකයන්ගේ අහිමිකළ වැටුප් වහාම ලබාදෙනු සහ වැටුප් විෂමතා වහා නිවැරදි කරනු ආදි පාඨ සටහන් කළ පුවරු රැගෙන එහිදී අනධ්‍යයන සේවකයෝ විරෝධය දැක්වූහ.

පවතින ආර්ථික වාතාවරණය තුළ වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා, විශ්වවිද්‍යාල අධ්‍යන අනධ්‍යන සේවකයින් පසුගිය කාලයේ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගයන්වල නිරත විය. 

කෙසේ වෙතත් පසුගිය දා විශ්වවිද්‍යාල අධ්‍යන කාර්යමණ්ඩලවලට පමණක් අධ්‍යන දීමනා වැඩි කිරීමට රජය පියවර ගත්තේ ය.

විශ්වවිද්‍යාල විධායක නිලධාරී සංගමයේ අනුශාසක සම්පත් උදයංග පැවසුවේ, සති 2ක් තුළ මේ සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බවයි.

ගැටලු විසඳන ලෙස ඉල්ලා ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ ඊයේ දිනයේයි.

වර්ජනය හේතුවෙන් රටපුරා රජයේ විශ්වවිද්‍යාලවල කටයුතු අඩාල වූ අතර තවත් ස්ථාන කිහිපයක ඊයේ විරෝධතා ද පැවැත්විය.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්