පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළත් රජය ගත් ඒ තීන්දුවට බැංකු පද්ධතිය

ප්‍රතිචාර දක්වා නොමැති බවක් පෙනෙන්නට ඇති බව විපක්ෂ නායකවරයා පවසනවා.

රජය යම් තින්දුවක් ගත්තෙ නම් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ බලය රජයට ඇති බවත් එසේ ක්‍රියාත්මක කරන්න බැරි නම් රජයේ කශේරුකාව ශක්තිමත් නැති බවට පවසන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා, වහාම මෙම තීන්දුව සම්බන්ධයෙන් නිසි රාජ්‍ය සහ පෞද්ගලික මූල්‍ය ආයතන දැනුවත් කර එය රටේ ප්‍රතිපත්තියක් බවට පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි.

මෙරට දළ දේශීය නිෂ්පාදනයට 50%ක් සහ රැකියා නියුක්තියට 52% කට වැඩි දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහ ව්‍යවසායන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වසර ගණනායක් පුරා පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් හඬ නැගූ බවයි ඔහු පවසන්නේ.

එහිදී පරාටේ නීතිය හරහා සිදුවන අසාධාරණයට එරෙහිව අවස්ථා ගණනාවකදී රජය දැනුවත් කළ බවත් එහිදී බැංකු පද්ධතිය ආරක්ෂා වන ආකාරයට පරාටේ නීතියට තාවකාලික විරාමයක් ලබා දෙන ලෙස රජයෙන් සිදු කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස දෙසැම්බර් මස වන තුරු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළත් රජය ගත් ඒ තීන්දුවට බැංකු පද්ධතිය ප්‍රතිචාර දක්වා නොමැති බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ.

පරාටේ නීතිය බලපැවැත්වීම තාවකාලිකව නතර නොකරන්නේ නම් එය හුදු දේශපාලන නාටකයක් ලෙස සැලකීමට සිදුවන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

මැතිවරණ වසරේ මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකර වහාම පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට රජය ගත් තීන්දුව බලාත්මක කරන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

(චතුරංග මේදිස්)

 
සබැඳි පුවත් 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image