ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ ලූෂන් රාජකරුණානායක ඊයේ (29) අභා­ව­ප්‍රාප්ත විය.


ඔහු මිය යනවිට හේ 85 වැනි වියෙහි පසුවූයේය.

දේහය අව­සන් ගෞරව සඳහා බොරැල්ලේ ඒ.එෆ්. රේමන්ඩ් අව­මං­ගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර, අව­සන් කට­යුතු හෙට (3) ඉරිදා පස්වරු 3.00ට බොරැල්ල සුසාන භූමි­යේදී සිදු කිරී­මට නිය­මි­තය.

ලූෂන් රාජකරුණානායක සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය ද්විත්වයෙහිම ශාස්ත්‍රීය පරිචයක් තිබූ විද්වත් වෘත්තිකයෙක් මෙන්ම ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණතම මාධ්‍යවේදියෙකි.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් සහ ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයෙන් සිප් සතර හැදෑරූ ලූෂන් රාජකරුණානායක මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 60 දශකය මුල් භාගයේ දී ය. ඒ Times of Ceylon ආයතනයෙනි.

මනා පෞරුෂයක් සහිතව මාධ්‍ය හැසිරවූ ලූෂන් රටේ සිටි ප්‍රමුඛතම තීරු ලිපි රචකයෙක් වූයේය.

මාධ්‍ය නිදහස වෙනුවෙන් විශාල හඬක් නැගූ ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙක් වූයේය. කැපී පෙනෙන මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් ලෙසද ඔහු කලක් කටයුතු කර තිබිණි.

2000 වසරේ ජූලි මස 03 වැනිදා ලේක්හ­වුස් ආය­ත­නයේ සභා­පති ධුර­යට පත් වූ ලූෂන් රාජ­ක­රු­ණා­නා­යක මහතා 2001 දෙසැ­ම්බර් 21 දා තෙක් ඒ තන­තුර දැරීය.

ජනාධිපතිවරුන් කීප දෙනෙකුගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කළ ඔහු අවසන් වරට සේවය කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේය. එවකට ජනාධිපති කාර්යාලයේ පර්යේෂණ සහ විශ්ලේෂණ අධ්‍යක්ෂකවරයකු ලෙස ඔහු සිය රාජකාරි කටයුතු කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්