ජනාධිපති ධුරයට පත් විමෙන් පසුව රනිල් වික්‍රමසිංහ පළමුවරට කුලියාපිටියේ දී මහජන රැළියක්

ඇමතීමට නියමිතබව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් පවසයි.

“සෑබෑව” එක්සත් ජාතික පක්ෂ සමුළුව, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 10 වැනිදා සවස 2ට කුලියාපිටිය නගරසභා පිටියේදී පැවැත්වෙන බවයි ඔහු නිවේදනය කරන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, රවී කරුණානායක, පාලිත රංගේබණ්ඩාර, සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර සහ නවීන් දිසානායක මහජන රැළිය ඇමතීමට නියමිතය.

ඒ සම්බන්ධව ''සැබෑව'' සමුළුවේ සංවිධායක අකිල විරාජ් කාරියවසම් විසින් යොමු කරන ලද ආරාධනා ලිපිය පහතින් දැක්වේ.

කවුරුත් භාර ගන්නට බෑ කියූ මොහොතේ රටේ සහ මිලියන 22කගේ ජීවිතවල වගකීම භාරගත් ජාතික ලැයිස්තුවේ තනි පුටුව

001
නිදහසින් පසු ඉතිහාසයේ පළමුවරට අපේ රට බිමටම ඇද වැටී බංකොලොත් වුණා පෝලිම්වල පුරවැසියන්ගේ පණගියා. ඉතිරිව තිබූ සීමිත සම්පත්වලට එකිනෙකා පරයා යමින් පොර බදිනවිට මිනිස්කම් යටපත් වී අමනුස්සකම ඉස්මතු වුණා.

ඒ විනාශයෙන් රටත් මිලියන 22ක පුරවැසි ජනතාවත් ගළවාගන්නට හැකි නායකත්වයක් මුලු රටම ඉල්ලා සිටියා.

එනමුත් ඒ තරම් අසීරු අභියෝගයක් භාරගන්නට තරම් කොන්දක් සහ ගැළවීමේ මග පෙන්නවන්නට තරම් බුද්ධියක් හෝ ජනතාවගේ ජීවිතවලට වගවීමට තරම් සංවේදී හෘදසාක්ෂියක් ඇති කිසිවෙක් රට භාර ගැනීමට ඉදිරිපත් වූයේ නැහැ.

එනමුත් රටට අවශ්‍යම මොහොතේදී එක්සත් ජාතික පක්ෂය වගකීම පැහැර හැරියේ නෑ.

අන්තිම ඡන්දයේදී ජනතාව අහක බැලුවට, ජනතාවට අවශ්‍යම වූ මොහොතේදී එක්සත් ජාතික පක්ෂය අහක බැලුවේ නෑ.

 
“මේ දේශපාලනය කරන්න වෙලාව නෙවෙයි, එක්සත් වී වැඩ කරන්නට වෙලාවයි.”
 
002 
ඉන්පසු එළැඹියේ භාරගත් ඒ අසීරු අභියෝගය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට ජයගන්නට හැකි වේදැයි රටත් ලෝකයත් ඇස්කන් අයාගෙන අප දෙස බලා සිටි මොහොතක්.

බොහෝ අය වැඩ වරදින තුරු බලා සිටියත් අහිංසක මහජනතාවට ඔහු එකම බලාපොරොත්තුව වුණා. අඩුපාඩු, අභූත චෝදනා, දේශපාලන උගුල් ඇටවීම් මැදින්, කිසිවෙකු අපේක්ෂාකලාටත් වඩා කලින් බංකොලොත්බවින් සහ විනාශයෙන් රට මුදවාගන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දක්ෂ වුණා. ලෝකයම මවිත කරවමින්

ඉතා කෙටිකලකින් රට ස්ථාවර කරා. “ මේක දේශපාලනය කළයුතු මොහොතක් නෙවෙයි, අපි සැවොම එකතු වී රටට වැඩ කළයුතු මොහොතක්” යැයි  සියලු දේශපාලකයින්හට ජනාධිපතිතුමා නැවත නැවතත් ආරාධනා කළත් ප්‍රතිවාදීන්  රැළි පිට රැළි තබමින් දිගින් දිගටම අර්බුධයෙන් දේශපාලන වාසි ලබාගත්තා.

සැබෑ අභියෝගය වූයේ, ප්‍රතිවාදී දේශපාලන වෙට්ටු දැමීම්වලට පිළිතුරු සැපයීම නොව අර්බුධයෙන් රට ගළවාගැනීමයි.
 
003
අතිශය භයානක ඉරණමකින් රටත් ජනතාවත් ගළවාගෙන ආර්ථික සහ සමාජීය වශයෙන් ජනජීවිතය ස්ථාවර කරන්නට ඉතා අසීරු තීන්දු තීරණ ගන්නට සිදු වූ ඒ වකවානුවේදී, රට ගළවාගැනීමේ වගකීමෙන් පලාගිය දේශපාලන ප්‍රතිවාදීන් අවස්ථාවාදීන් බවට පරිවර්තනය වුණා.

ඒත් ඒ කිසිවකින් සිය අරමුණ සහ මෙහෙයුම විකෘති නොකරගන්නට අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා බුද්ධිමත් වුණා.

සියලු දේශපාලන කෙණෙහිලිකම් නොදැක්කා සේ හිඳිමින්, නොගෙන බැරි වූ අසීරු තීරණ අරන්, මූල්‍ය විනය ස්ථාපිතකොට යළි හිස එසවීමේ සහතිකය ඔහු රටටත් ලෝකයටත් ලබා දුන්නා.

මේ මොහොත ෆැන්ටසි සිහින අත්හදාබැලීමට අවධානමක් ගැනීමට සුදුසු මොහොතක් නෙවෙයි. පොළොවේ පය ගසා ඉදිරියට යන්නට ඕනෑම වෙලාවයි.


මේ සැබෑව ඇති සැටියෙන් දකින්නටත් පිළිගන්නටත් මොහොතයි
 
අසීරුවෙන් ගොඩ එමින් සිටින රට, කයිවාරු සහ සුරංගනා කතාවලට පාවා දී ආපස්සට නොයන්නට බුද්ධිමත් විය යුතු වෙලාවයි.  

යළිත් පෝළිම්වල මියැදෙන්නට තරම් අවධානමක් කිසි ලෙසකින්වත් නොගත යුතුයි.

පොරොන්දු දේශපාලනයෙන් ජාතික මෙහෙයුම යටපත් කරන්නට ඉඩ නොතැබිය යුතු කාලයයි.

සැබෑව දකින්නටත් සැබෑව වෙනුවෙන් පෙනී සිටින්නටත් අවස්ථාවයි
004
අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය භාරගත් අභියෝගය සහ වගකීම වෙනුවෙන් මැනවින් නොකඩවා කැපවී කළ වැඩ නිසා,

දැන්, බංකොලොත්භාවයෙන් රට ගැළවී අඩියෙන් අඩිය ඉහළට එමින් සිටියි.

රටට වැඩ කිරීමට ලද ආරාධනා ආයාචනා පසෙකලා අර්බුධයෙන් දේශපාලන වාසි ගැනීම වෙනුවෙන් නොකළ යුතු මොහොතේ දේශපාලනය කළ ප්‍රතිවාදීන් ඔවුන්ගේ රනිල් විරෝධී දේශපාලන ගේම්වල පතුළටම ගියා.

නමුත් මේ මොහොතේ රනිල්ට විරුද්ධවීම රටට විරුද්ධවීමයි.

සියලු දෙනා පළාගිය මොහොතේ වගකීම භාරගත් නායකයාට විරුද්ධවීම රටේ ස්ථාවරභාවයට විරුද්ධවීමයි.

එබැවින් දැන් රට දියුණු කිරීමේ සැළසුමට දේශපාලන සුරක්ෂිතභාවය සහ පන්නරය අවශ්‍යම මොහොතයි.

 
අද අපේ රටේ සැබෑව එයයි

 අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවීමෙන් පසු පළමු වතාවට දේශපාලන මහජන වේදිකාවට එන්නේ එබැවිනි.

 2024 මාර්තු 10 වැනිදා සවස 2ට කුලියාපිටිය නගරසභා පිටියේදී පැවැත්වෙන මහජන රැළියට සහභාගීවන්නට,

වගකීමක් ඇති පුරවැසි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමි.

005

(චතුරංග මේදිස්)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්