ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කිරීම් අනුමත කිරීමේදි ව්‍යවස්ථානුකුල ක්‍රමවේදයක් පවතින නමුදු පොලිස්පති පත් කිරීමේදී අනුමත එම

ක්‍රමවේදය උල්ලංඝනය කර තිබෙන පසුබිමක නව පොලිස්පතිවරයා ව්‍යවස්ථානුකුලව පත් කර නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් චෝදනා කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා ලෙස පත්කිරීම සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් කරන ලද බව කියා සිටියේය.

ව්‍යවස්ථාදායක සභාව වෙත යම් පත්කිරීමක් සඳහා නමක් යෝජනා කළ විට සාමාන්‍යයෙන් පොදු එකඟතාවයක් මත ඒකමතික තීරණයක් අනුව අනුමැතියක් මුලින් අපේක්ෂා කෙරේ.

එකඟත්වයක් නොමැතිනම් ඒ සඳහා වෙනත් නමක් ජනපති විසින් යෝජනා කිරීමෙන් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අනවබෝධය වළක්වා ගත හැකි වන බව පවසන මන්ත්‍රීවරයා එසේත් එකඟත්වයක් නොමැති අවස්ථාවකදී ඡන්ද විමසීමකට යොමු වන බව සඳහන් කළේය.

“පොලිස්පතිවරයාගේ පත්වීම අනුමත කිරීමේදී පක්ෂව ඡන්ද 4ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද දෙකක් ලැබුණි. දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම ආණ්ඩුක්‍රම සභාව විසින් අනුමත නොකළ බව සනාථ කරමින් ඊට පක්ෂව ඡන්ද හතරක් සහ විපක්ෂව ඡන්ද දෙකක් ලැබී තිබේ. එය සම නොවූ නිසා කතානායකවරයාට තීරණාත්මක ඡන්දයක් නැහැ. මෙම විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඊ 4 වගන්තියේ සඳහන් වේ.”

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ප්‍රකාරව වත්මන් පොලිස්පතිගේ පත්කිරීම ව්‍යවස්ථා සභාව විසින් අනුමත නොකරන ලද පත්විමක් බව මෙන්ම එය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් ද වෙනවා යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

 
(චතුරංග මේදිස්)
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්