ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන ඉරිදා (10) කුලියාපිටියෙන් සිය මැතිවරණ සටන නොනිල මට්ටමින් අරඹයි.

"සැබෑව" යන තේමාව මුල් කර ගනිමින් සංවිධාන කෙරෙන මැතිවරණ සටන ඇරැඹීමේ ප්‍රථම මහජන රැළිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී ඉරිදා (10) පස්වරු 2ට පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම්, පිටකෝට්ටේ 'සිරිකොත' පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සහභාගී වන ප්‍රථම මහජන රැළිය මෙය බවයි.

රනිල් වික්‍රමසිංහ මේ වන විට නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින බව කී කාරියවසම් හිටපු ඇමතිවරයා, එක්සත් ජාතික පක්ෂය ලෙස ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා මෙම මහජන රැලිය  සංවිධාන කරන බව කීය.

නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීම සඳහා ඉදිරියේදීත් විවිධ පාර්ශ්ව වෙතින් මහජන රැලි සංවිධාන කෙරෙනු ඇති බව කී අඛිල කාරියවසම්, අවසානයේ සියලු බලවේගය එක්වී ජනාධිපති  රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කෙරෙනු ඇති බවද සඳහන් කළේය.

(lankadeepa.lk -අංජුල මහික වීරරත්න)





සබැඳි පුවත් :
ජනාධිපති රනිල්ගේ පළමු මහජන රැළිය මාර්තු 10 කුලියාපිටියේ


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්