පොලිසිය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වෙනිදා සිට ආරම්භ කළ "යුක්තිය" මෙහෙයුම මේ වන විටත්

අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

එම මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේය.

මේ අතර හලාවත කොට්ඨාසයේ පොලිස් විෂ මත්ද්‍රව්‍ය අංශය ක්‍රියාත්මක කළ වැටලීමක් අතරතුර පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් මාදම්පේ පොලිස් වසමට අයත් පම්බල ග්‍රාමයෙන් ( මාර්තු 6 වැනිදා) වාර්තා විය.

පොලිස් මෙහෙයුම කුමක්ද ?

හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයට ලැබුණු තොරතුරක් මත එම අංශයේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ත්‍රිරෝද රථයක් ලුහුබැඳ ගොස් ඇති අතර එහිදී එම ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රිරෝද රථයෙන් පැන දිව ගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

එම මෙහෙයුමේදී සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් සැකකරුවෙකු මෙලෙස මරණයට පත්ව තිබේ.

xxfgs

‘අංකල් අපි පොලිසියෙන් කියාගෙන පස්සෙන් දිව්වා’

මෙම සිද්ධියේ දී මියගිය පුද්ගලයා සහ අත්අඩංගුවේ පසුවන සැකකරු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට උත්සහ කළ බව සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීහූ බීබීසී සිංහල වෙත පැවසුහ.

" මගේ නම ඇන්ටනි හර්මන්. මේ තියෙන්නේ මගේ නිවස. අද උදේ 10 .20 ට පමණ එකවරම මගේ නිවස පිහිටි මේ වත්තට දෙදෙනෙක් ඇතුළු වුනා. ඔවුන් මගේ අවසරයකින් තොරවම මගේ නිවස පිටුපසට දිව ගියා. මමත් පස්සෙන් ගියා. "

"මම දැක්කා එක්කෙනෙක් බිම අද වැටෙනවා. වැටුණු කෙනා නැගිටලා ආයේ දිව්වා. ඒ පිටිපස්සෙන් ආපු කෙනෙක් අන්කල් අපි පොලිසියෙන් කියලා දිව්වා. ඒ පොලිස් නිලධාරියා කියාගෙන ගියා කුඩු කාරයෝ දෙන්නෙක් පැන්නා කියලා."

"කොහොම හරි වැටුණු කෙනාව ඒ පොලිස් නිලධාරියා අල්ල ගත්තා. ඒ වෙලාවේ ලොකු පොර බැදීමක් වුනා. ඒ නිලධාරියා මගෙන් උදව් ඉල්ලුවා."

"මාංචු දෙක බයික් එකේ තියනවා ගෙනල්ල දෙන්න කිව්වා. මම ගෙනල්ලා දුන්නා. ඒ වෙලාවෙදිත් දෙන්නා පොර බැදුවා." ඔහු පැවසීය.

fghrdfgh
මෙම සිද්ධියේ දී මියගිය පුද්ගලයා සහ අත්අඩංගුවේ පසුවන සැකකරු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට උත්සහ කළ බව සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීහූ බීබීසී සිංහල වෙත පැවසුහ.

 

“ඒක නිකම් චිත්‍රපටියක ජවනිකාවක් වගේ”

මේ අතර සිද්ධිය ඇසින් දුටු සිය අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති තවත් පුද්ගලයෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ එම සිදුවීම චිත්‍රපට ජවනිකාවක් බඳු වූ බවය.

"දෙන්නෙක් දුවගෙන ආවා. ඒ පිටුපස්සේ පොලිසිය අවා. කොහොම හරි දෙන්නවම අල්ල ගත්තා."

"අන්තිමට එක්කෙනෙක් මැරිලා වැටුනා. හරියට චිත්‍රපටියක ජවනිකාවක් වගෙයි."

"මේ වගේ දෙයක් වුනාම අපි හැමදාම සැක කලේ පොලිසිය නමුත් අද වුන දේ ඇස් දෙකෙන්ම දැක්කා."

"මගේ නම නම් දාන්න එපා මම දැක්ක දේ තමයි කිව්වේ.මෙතන හිටිය හැමෝම මේ සිදුවීම දැක්කා." එම සිදුවීම දුටු අයෙකු පැවසිය.

එම සිදුවීමෙන් පසු යම් අසනීප තත්ත්වයක් පෙන්නුම් කළ සැකකරුව පොලිසිය විසින් වහාම හලාවත රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.


මියගිය සැකකරු ගැන අනාරණය වූ කරුණු

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ පම්බල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරවාරයේදී ඇද වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

"පොලිස් නිලධාරීන් පිරිසක් සිදුකරපු මත්ද්‍රව්‍ය වැටලීමක් අතර වාරයේදී සැකකරුවන් දෙදෙනෙක්ව ෆලෝ කරලා තියෙනවා."

"පස්සේ ඔවුන් ගමන් කරපු ත්‍රිරෝද රථය අත් ඇරලා දුවලා තියෙනවා. එහෙම දුවද්දී ඒ දෙන්නා ගෙදරක වත්තකට ඇතුල් වෙලා ඒ වත්ත මැද්දෙන් දුවන කොට මියගිය පුද්ගලයා බිම ඇද වැටිලා ආපහු නැගිටලා දුවලා නැවත වැටිලා තියෙනවා."

"ඒ පුද්ගලයා පොලිස් නිලධාරින් ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගනිද්දී සිහිසුන් භාවයෙන් ඉන්නවා කියලා නිරීක්ෂණය වෙලා වහාම හලාවත රෝහලට ගෙනිහින් තියෙනවා."

"හලාවත රෝහලට ඇතුල් කරද්දී ඔහුව පරික්ෂා කරපු වෛද්‍යවරයා කියලා තියෙනවා ඒ පුද්ගලයා මියගිහින් කියලා."

"පස්සේ මියගිය පුද්ගලයාගේ සන්තකයේ තිබිලා හෙරොයින් ස්වල්පයක් සහ ලයිටරයක් තිබිලා; වෛද්‍යවරයාට හම්බ වෙලා ඒක රෝහලේ වාට්ටුවට භාරදීලා තියෙනවා."

"මේ පුද්ගලයා එක්ක සිටි අනෙක් සැකකරුවත් පොලිසිය අත්අඩංගුවට අරන් තියෙනවා. ඔහු සන්තකයේ තිබිලා අයිස් වර්ගයේ ග්‍රෑම් 06 කට අධික ප්‍රමාණයක් 2023 වසරේදී සොයා ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් පවරලා තිබෙනවා."

"ඒ වගේම මියගිය පුද්ගලයා මේ වසරේ පෙබරවාරි මාසයේදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඉදලා පොලිස් අත්අඩංගුවට පත්වෙලා නඩු පවරපු කෙනෙක් කියලා වාර්තා වනවා." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.


අනෙක් සැකකරු මඩ වලකින් හමුවෙයි

මේ අතර මෙම මෙහෙයුමේදී පලා ගිය අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ මඩ වලක වැටී සිටියදී බව ප්‍රදේශවාසීහූ පැවසුහ.
ප්‍රදේශවාසීන් කළ විමසීමේදී එම සැකකරු පවසා ඇත්තේ තමන් තවත් සතියකින් විදේශ ගත වීමට නියමිත බවයි.

මිට පෙර මොහු ඩුබායි රාජ්‍යයේ සේවය කර ඇති අතර එහිදීද මොහුට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී තිබෙන බවට කරුණු අනාවරණය වී ඇත.


පොලිසියට මීට පෙර ඇති චෝදනා

සිදුකරනු ලබන මෙහෙයුම් අතර වාරයේදී අත්අඩංගුවට ගැනෙන සැකකරුවන් හිංසනයට ලක්වීම, තම අත්අඩංගුවේ පසුවීමේදී මියයාම හා විමර්ශන සඳහා පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන ගිය අවස්ථාවලදී වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට පත්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් දිගින් දිගටම ශ්‍රී ලංකා පොලිසියට චෝදනා එල්ල වී තිබේ.

මීට පෙර අවස්ථා රැසකදී මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් අවධාරණය කොට ඇත්තේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී පවතින ජාත්‍යන්තර හා දේශීය නීතීන්ට අනනුකූලව අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය අසමත්ව ඇති බවයි.

කෙසේ වෙතත් පම්බල ප්‍රදේශයේ සිදුකළ පොලිස් මෙහෙයුම අතර වාරයේදී මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර මියගිය පුද්ගලයාගේ දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය මෙතෙක් සිදුකර නොමැති බව අප බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු තහවුරු කළේය.

(BBC සිංහල සේවය)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්