සිවිල් ක්‍රියාධර, සාහිත්‍යවේදී නීතිඥ එස්.ජී. පුංචිහේවා සූරින්ගේ දිවි සැරිය 91 වසරක් පසු කිරීම නිමිති කරගෙන ඔහු නමින් ස්ථාපිත කෙරෙන

වෙබ් අඩවිය ජනගත කිරීම මාර්තු මස 12වන අඟහරුවාදා සිදුකිරීමට නියමිතය. 

එදින උදැසන 10.00ට, පන්නිපිටිය රුක්මලේ බාලිකා නිවාස පාරේ පිහිටි අංක 201/1 දරණ ඔහුගේ නිවසේ දී  (201/1, බාලිකා නිවාස පාර, රුක්මලේ පන්නිපිටිය) එම සත්කාර්ය සිදු කෙරේ.

 

පුංචිහේවා සූරීන්: යහපත් සමාජ අපේක්ෂාව පෙරදැරි කරගෙන  අඩසිය වසකට වැඩි කාලයක් තිස්සේ ''ඇත්ත'' පුවත්පත ප්‍රමුඛව බොහෝ පුවත්පත්, සඟරා වෙත  සැපයූ ලිපි, ලේඛන සහ එතුමන් ලියා පළ කළ සියලුම කෘති සංරක්ෂණය කිරීම සහ එතුමන්ගේ සමාජයමය සහ ලේඛනමය මෙහෙවර ඉදිරි සමාජයට දායාද කිරීම මෙම වෙබ් අඩවියේ අරමුණ බව සංවිධායක මණ්ඩලය වෙනුවෙන්, ළහිරු කිතලගම දැනුම්දී සිටියි. 

 

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වීම සඳහා, ප්‍රවීණ සාහිත්‍යවේදී අනුරසිරි හෙට්ටිගේ, සිවිල් ක්‍රියාධර අහිංසක පෙරේරා සහ මාධ්‍යවේදී/සිවිල් ක්‍රියාධර තරිඳු උඩුවරගෙදර සහභාගි වීමට නියමිත ය.

යහපත් සමාජයක් බලාපොරොත්තු වන මෙන් ම එස්. ජී. පුංචිහේවා ට ආදරය කරන සැමට එදින පැවැත්වෙන මෙම උත්සවයට සහභාගි වන මෙන් ආරාධනා කර සිටින සංවිධායක මණ්ඩලය, මෙම අවස්ථාව සඳහා ඔබ පැමිණෙන්නේ නම් ඒ බව  තහවුරු කරන මෙන් ද කරුණාවෙන් ඉල්ලා සිටියි. 

S.G. Invitation Final
සටහන 
ආලින්දයෙන් ඔබ්බට 21: ප්‍රේක්ෂක ප්‍රජාව රස්තියාදු නොකළ 'සුසුම් රස්තියාදුව' -  (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්