මෙතෙක් හෙළිදරව් නොකරන ලද ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ ආදායම් සහ අනෙකුත් වත්කම් හඳුනාගැනීම සඳහා දේශීය ආදායම්

දෙපාර්තමේන්තුව පිහිටුවා ඇති කාර්යාලයේ මානව සම්පත් හා තාක්ෂණික පහසුකම් වැඩි කොට බදු අය කිරීමේ දැල ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ බදු අනනුකූලතාවය හඳුනාගැනීමට උපකාරී වන තොරතුරු ලබා ගැනීම සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සමඟ පවතින සහයෝගීත්වය වැඩිදියුණු කර ගැනීමට කටයුතු කරන අතර මුල්‍ය ආයතන, මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සහ ශ්‍රී ලංකාව සහ විදේශ රාජ්‍යයන් 45 ක් සමඟ පවතින පුළුල් ගිවිසුම් ජාලය හරහා වෙනත් බදු පරිපාලන ආයතන සමඟ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමීපව කටයුතු කරයි.

මෙතෙක් හෙළිදරව් නොකරන ලද ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ ආදායම් සහ අනෙකුත් වත්කම් හඳුනාගැනීම සඳහා මෙම සහයෝගිතා උපකාරී වේ.

ඉහළ ආදායම් ලබන සහ ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සම්බන්ධ අධීක්‍ෂණයන් කිරීම සඳහා විශාල බදු ගෙවන්නන්ගේ කාර්යාලය යටතේ පිහිටුවා ඇති ඉහළ වත්කම් සහිත පුද්ගල අංශය වෙත අතිරේක නිලධාරින් 10 දෙනෙකු සහ තාක්ෂණික පහසුකම් ලබා දී තිබෙන බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්.ඒ. සේපාලිකා චන්ද්‍රසේකර ප්‍රකාශ කරයි.

 

ශ්‍රී ලංකාවේ බදු පරිපාලනය තුළ සාධාරණත්වය සහ විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් දරන ප්‍රයත්නයේ තවත් එක් පියවරක් වන මෙයින් ඉහළ වත්කම් සහිත පුද්ගලයන් තම ආදායම සඳහා නිවැරදි බදු මුදල ගෙවා තම දායකත්වය ලබා දෙන්නේ ද යන බව තහවුරු කර ගන්නා අතර මෙහි ප්‍රථම පියවර වශයෙන්, මෙම අංශය විසින් හඳුනාගත් ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ ආදායම් වාර්තා කිරිම් යාවත්කාලින වී තිබේ ද යන්න, තහවුරු කරගැනීමට කටයුතු කරන බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්.ඒ. සේපාලිකා චන්ද්‍රසේකර පෙන්වාදෙයි.

 

එම පුද්ගලයන් සහ ඔවුන්ගේ උපදේශකයන් සමඟ සමීපව කටයුතු කරමින් ආදායම් වාර්තා කිරීමේ ක්‍රියාවලියේ දී සිදුවිය හැකි දෝෂ සහ අඩුපාඩු කලින් හඳුනාගෙන ඒවා වළක්වා ගැනීමට කටයුතු කරන අතර මෙම අංශය විසින් ඉහළ වත්කම් සහිත බදු ගෙවන්නන් හදුනාගැනීම සඳහා අතිරේක අවදානම් තක්සේරු කිරීම් සහ බදු ගෙවන්නන් සම්බන්ධ මුල්‍ය ගනුදෙනු සහ ඔවුන්ට සම්බන්ධ සියලුම ආයතන හා තැනැත්තන් හඳුනාගැනීම ද සිදුකරයි.‍

ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ බදු අනුකූලතාවය නිරන්තර අධීක්ෂණය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කැපවී සිටින අතර ඉහළ වත්කම් සහිත පුද්ගලයන් වෙත වැඩි අවධානයක් යොමු කිරීම සහ ඔවුන් හා සමීපව කටයුතු කිරීම ඉහළ නැංවීම මඟින් ඔවුන් විසින් නියමිත බදු මුදල් ගෙවන බවට තහවුරු කරගත හැකිය යන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශ්වාසය වේ. මෙම ප්‍රවේශය හරහා, රට මුහුණ දී සිටින තීරණාත්මක සමාජ-ආර්ථික ගැටලු ජය ගැනීම සඳහා රජයේ ආදායම් එකතු කිරීමේ ප්‍රයත්නයන්ට සහභාගී වීමට සහ දායක වීමට ඔවුන්ගේ ඇති කැමැත්ත වැඩිවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

 

(චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්