වර්තමානයේ ශ්‍රී ලාංකික කාන්තාව හමුවේ ඇති අභියෝග සහ එම අභියෝග ජය ගන්නේ කෙසේද යන්නත්,

ඊට කාන්තාවන් පෙළගැසිය යුත්තේ කුමන ආකාරයකටද කියා ගැඹුරින් එහෙත් සරලව සංවාදයක යෙදෙමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය ජාත්‍යන්තර කාන්තා දින සැමරුම පවත්වා තිබේ.

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති මාර්තු 8 වැනිදාට පෙර එනම් මාර්තු 06 වැනිදා පැවති උත්සවය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් රාජ්‍ය නොවන සංවිධාන පිලිබද ජාතික ලේකම් කාර්‍යාලය සංවිධානය කර තිබිණ.

රාජ්‍ය අංශය සහ රාජ්‍ය නොවන පාර්ශවයන් එකට එක්ව පැවැත්වු සැමරුම් උත්සවය මුළුමනින්ම සංඥා මාධ්‍ය තුළින්ද සමීප කරවීම හරහා සියලු කණ්ඩායම් ඒකරාශී කර ගැනීම ප්‍රායෝගිකවම ප්‍රදර්ශනය කර තිබුනි.

ඒ සදහා විවිධත්වය අගයමින්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල කණ්ඩායම් කිසිදු වෙන් කිරීමකින් තොරවම ඇතුලත් කරගන්නා ලදි.

පුරුෂ දේශනය සහ කාන්තා සංවාදය

මෙහිදී කාන්තාවන් පිළිබඳව පුරුෂ පාර්ශ්වය විසින් සිදු කරන මැදිහත්වීම සැමරුම් වැඩසටහන තුළ ප්‍රායෝගිකව දක්නට ලැබිණ අතර වැඩසටහනේ ප්‍රධාන දේශනය ක්‍රිසලීස් ආයතනයේ අහමඩ් රිස්ලාන් සිදු කළේය.

වර්තමානයේ කාන්තාවන් මුහුණපාන අභියෝගවලට මුහුණ දීමේදී පෙළ ගැසිය යුතු ආකාරය සහ ඊට විසඳුම් සපයා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සංවාදයක්ද සිදුවිය.

ඊට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත්, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර, ආබාධ සහිත කාන්තාවන්ගේ දේශීය එකමුතුවේ සභාපතිනි රසාංජලී පතිරගේ, ව්‍යවසායිකා ලොනාලි රොඩ්‍රිගෝ, නීතිඥ උදේනි තෙවරප්පෙරුම සම්බන්ධ විය.

මෙහිදී රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය දියත් කිරීම අමාත්‍ය ටිරාන් අලස් අතින් සිදුවිය. 

www.ngosec.gov.lk යන මෙම වෙබ් අඩවිය භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ සුවිශේෂී තොරතුරු රාශියක් මෙන්ම සපයන සේවා පිළිබඳ තොරතුරු ඇතුළත් වූවකි.

 

wd 56

wd 58


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්