ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් නෙරපීමට කිසිඳු කුමන්ත්‍රණයක් සිදු නොවු බව

එක්සත් ජනරජ පෙරමුණේ නායකයා අවධාරණය කරයි.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක පෙන්වා දෙන්නේ එසේ කුමන්ත්‍රණයක් සිදුවුවා නම් එයට හේතුව එතුමාගේම ක්‍රියාමාර්ගවල, එතුමාගේ ආණ්ඩුවේම ක්‍රියාදාමවල ප්‍රතිඵලයක් බවයි.

එක්සත් ජනරජ පෙරමුණේ 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් මාර්තු 07 වැනිදා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත ඒ බව කියා සිටියේය.

xfgrestgපාඨලි චම්පික රණවක මහතා නායකත්වය දරණ එක්සත් ජනරජ පෙරමුණ  සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර සාකච්ඡාවක් කොළඹ, කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී  පැවැත්විණි.


“ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පලවා හරින්න ඔය කියන විදියේ කිසිම කුමන්ත්‍රණයක් තිබුනේ නැහැ. එහෙම කුමන්ත්‍රණයක් තිබුණා නම් ඒක ඒක එතුමාගේම ක්‍රියාමාර්ගවල, එතුමාගේ ආණ්ඩුවේම ක්‍රියාදාමවල ප්‍රතිඵලයක්. කවුරුහරි හිතනවා නම් සති තුනක් තෙල් ගහගන්නේ නැතුව මිනිස්සු තෙල් පෝලිම්වල මැරෙද්දි ගෑස් නැතුව ගෙවල්වල මිනිස්සු වැලපෙද්දී, පැය දොළහක් ලයිට් කපද්දී, අත් දෙක බැඳගෙන නිකන් ඉඳියි කියලා, මේ රටේ මිනිස්සු කවුරුහරි හිතනවාද මේ අවුරුදු තුන්දාහක ඉතිහාසයේ මිනිස්සු එහෙම කටයුතු කරයි කියලා. ඒක ලොකු වැරදීමක්.”

“ඉතින් ඒක කුමන්ත්‍රණයක් හැටියට විග්‍රහ කරලා, ප්‍රශ්නෙ යට ගහන්න අර හිතේ අමාරු සමහන් කරගන්න හරි, කටයුතු කළාට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ කෘතියෙන් එහෙම ඔය කුමන්ත්‍රණ වගතුවක් ගැන ලොකුවට ප්‍රකාශ වෙලත් නැහැ. ඒ මුළු කෘතියම මම කියෙව්වා. ඒකේ එහෙම එකක් නැහැ.”

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි සභාපති, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, නියෝජ්‍ය සංවිධායක විල්ෆ්‍රඩ් ජයසිංහ සහභාගි විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් මෙම සාකච්ඡාව නියෝජනය කළේය.

එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක

මේ පොතේ කවරේ වැදගත්....

ප්‍රශ්නය:
ඔබතුමා මේ අලුත් පොත කියෙව්වද? කොහොමද තත්ත්වේ?

පිළිතුර:
අර කිව්වා වගේ ඉතින් කවරෙන් වැඩක් නෑ. හැබැයි මේ පොතේ කවරේ වැදගත්. මොකද කවරේ තියෙන්නේ අපේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මූණ. පොතේ නම එතුමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය. ඉතින් ඒකේ අපි දකින්නේ කුමන්ත්‍රණයකට වඩා ඒකේ හේතුවයි, කුමන්ත්‍රණයයි, ඵලයයි තුනම ගෝඨාභය රාජපක්ෂ. ඉතින් ඒ පොතේ මුල පිටුව, පොතේ ඇතුල කියවන විදිහ සකස් කරලා තියෙනවා. ඒක හොඳයි.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පලවා හරින්න ඔය කියන විදියේ කිසිම කුමන්ත්‍රණයක් තිබුනේ නැහැ. එහෙම කුමන්ත්‍රණයක් තිබුණා නම් ඒක ඒක එතුමාගේම ක්‍රියාමාර්ගවල, එතුමාගේ ආණ්ඩුවේම ක්‍රියාදාමවල ප්‍රතිඵලයක්. කවුරුහරි හිතනවා නම් සති තුනක් තෙල් ගහගන්නේ නැතුව මිනිස්සු තෙල් පෝලිම්වල මැරෙද්දි ගෑස් නැතුව ගෙවල්වල මිනිස්සු වැලපෙද්දී, පැය දොළහක් ලයිට් කපද්දී, අත් දෙක බැඳගෙන නිකන් ඉඳියි කියලා, මේ රටේ මිනිස්සු කවුරුහරි හිතනවාද මේ අවුරුදු තුන්දාහක ඉතිහාසයේ මිනිස්සු එහෙම කටයුතු කරයි කියලා. ඒක ලොකු වැරදීමක්.


ඉතින් ඒක කුමන්ත්‍රණයක් හැටියට විග්‍රහ කරලා, ප්‍රශ්නෙ යට ගහන්න අර හිතේ අමාරු සමහන් කරගන්න හරි, කටයුතු කළාට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ කෘතියෙන් එහෙම ඔය කුමන්ත්‍රණ වගතුවක් ගැන ලොකුවට ප්‍රකාශ වෙලත් නැහැ. ඒ මුළු කෘතියම මම කියෙව්වා. ඒකේ එහෙම එකක් නැහැ.


ප්‍රශ්නය:
ඇයි එහෙනම් පොතක් ලියන්නේ මේ එතකොට?

පිළිතුර:
මම හිතන්නේ එතුමාට තියෙන චිත්තවේගය එතුමා ගැන බලාපොරොත්තු තබපු අයගේ එතුමාගේ පැත්ත කියන්න හිතාගෙන වෙන්ඩ ඕනේ ඒක ලියන්ඩ ඇත්තේ. ඉතින් මං හිතන්නෙ නෑ ඒකෙන් මොකුත් ප්‍රයෝජනයක් තියෙනවා කියලා. එතුමා අතින් බරපතළ ප්‍රශ්න කීපයක් ඇති වුණා. එකක් ඔහු බොහොම ආඩම්බරයෙන් ඒ පොතෙත් කියලා තියෙනවා. ඔහු කොවිඩ් මර්දනය කළා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඇත්තටම දූපත් රාජ්‍යයක් හැටියට අපිට කෝවිඩ් මර්දනය කරන්න හොඳ අවස්ථාවක් තිබුණා. පළවෙනි රැල්ල අපි යම් ප්‍රමාණයකට මර්දනය  කළා. ඒ ගැන ඔහුගේ කටයුතු ගැන අපිටත් සතුටුයි. නමුත් දෙවෙනි රැල්ල ඇති කළේ ඔවුන්මයි. අර උදයංග වීරතුංගයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ඇතුලේ සංචාරකයෝ ගෙන්නන්න කියලා පරීක්ෂණ කරලා මිනුවන්ගොඩින් දෙවෙනි රැල්ල ආරම්භ කර ගත්තා. ඉතින් ඒ සිද්ධ වුණේ ඝාතනයක්.

 ඒ වගේම එන්නත පමා කරලා මාස ගානක් ධම්මික පැණිය පස්සේ රට යොමු කරලා විශාල ව්‍යසනයක් රට ඇතුලේ කළා. ඒ වගේම ඒ මේකෙන් මියගිය පිරිස පිළිබඳ සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන්ම යටපත් කළා. ඉතින් ඒ නිසා කෝවිඩ් එක මම මර්දනය කළා කියන්න බෑ. මිය ගිය හැම පිරිසකටම කොවිඩ් එක සාර්ථකව මර්දනය කරපු  වියට්නාමය, කියන්නේ දූපත් රටක් නෙමෙයි. නවසීලන්තය වැනි රටවල්වලට ආඩම්බර වෙන්න පුළුවන් ඒ නායකයින්ට. මේ රටේ එහෙම ආඩම්බර වෙන්න බෑ. ඇත්තටම මේ පිළිබඳව අනාගත පරීක්ෂණයක් අවශ්‍යයි. මේ කොවිඩ් මර්දනය කිරීමට විශේෂයෙන්ම ධම්මික පැණිය වැනි දෑ ඉදිරිපත් කරලා කෝවිඩ් එන්නත පමා කිරීම ගැන.

දෙක හදාගත්ත දැවැන්ත තෙල් අර්බුදය. ඒ තෙල් අර්බුදය ඇතිවෙන බව අපි බොහොම පැහැදිලිව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ පෙන්නලා දුන්නා. මේ තෙල් අර්බුදයත් කියලා. හැබැයි ඒක ගණන් ගන්නේ නැතුව උද්දච්ච කතා පවත්වමින් දිගින් දිගටම ගියා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ලංකාවේ තෙල් අර්බුදය ඇති වුණා. මම මේක පාර්ලිමේන්තුවේ 2021 නොවැම්බර් 17 වෙනිදා පාර්ලිමේන්තුවේ කරපු කතාවේ දී මම පුරෝකතනයක් අනාවැකියක් කිව්වා. 2022 මාර්තු මාසෙදිත් දැවැන්ත බලශක්ති අර්බුදයකට රට යනවා කියලා. උද්දච්ච ඇමතිවරු ඒ කාලේ හිටපු. ඒවා භාරව හිටපු නිලධාරීන්ගේ ඒ ක්‍රියාකලාපය නිසා තමයි ඒක ගියේ. ඒකට වගකීමත් අවසාන වශයෙන් යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මිසක් අයට නෙවෙයි. තුන අර ගොවිතැන සම්බන්ධයෙන් ගත්ත මුග්ධ ක්‍රියාදාමය.


ගොවිතැන සම්බන්ධයෙන් එතුමාගේ මේ හරිත ගොවිතැන නිසා නෙමෙයි මේක උනේ. එතුමාලා රටේ සංචිත ටික පාවිච්චි කරලා එතුමාලගෙම ඥාතියෙක් විසින් විනාශ කරපු ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඩොලර් මිලියන 245 ක් ලබා දුන්නා. ඒකෙන් සංචිත ටික හිඳුනා. පොහොර ගේන්න සල්ලි නැති වුණා. ඊට පස්සේ තමයි යම් මාධ්‍ය මෙහෙයුමක් කරලා මේ හරිත ගොවිතැන කියලා උමතුවකට ඇත්තටම ඒ හරිත ගොවිතැන සම්බන්ධයෙන් ප්‍රචාරණ කටයුතු කරලා රටේ ගොවිතැනයි ඒ වගේම අපේ තේ, පොල්, රබර් වැවිලි කර්මාන්තය විනාශ කරපු අයට විශේෂ දඬුවම් දෙන්න ඕනේ.


දැන් ඒගොල්ලෝ එළියට ඇවිල්ලා ආයි අපිට කතා පවත්වාගෙන යනවා. ඊළඟ එක මූල්‍ය. විශේෂයෙන්ම මහ බැංකුව. ඒකේ සල්ලි අච්චු ගහලා. බදු සහන ධනපතියන්ට ලබාදීලා. ඒ වගේම ඩොලර් සංචිත ටික අයථා විදිහට පාවිච්චි කරලා තියෙනවා. අනිත් එක දැන් එතුමාට කතා ලියන්න විදිහක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එතුමා වැරදිකරුවෙක් බව ඔප්පු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ පැත්තෙන් කිව්වොත් අර සැහැල්ලු දුම්රිය පිළිබඳ විගණකාධිපති ඉදිරිපත් කරපු වාර්තාවේ එතුමාව වරදකාරයෙක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එතුමාගේ මේ කෘතියෙන් එතුමාට ලොකු ප්‍රසාදයක් එහෙම නැත්නම් ගැලවීමක් ලැබෙන්නේ නෑ. ඇත්ත කුමන්ත්‍රණය එතුමා බලයට පත් කරපු බලවේග විසින්මයි මේ රට ඇතුළේ කළේ.

බැසිල් ආවහම බයවෙලා ....

ප්‍රශ්නය:
බැසිල් රාජපක්ෂ මහත්තයා ලංකාවට ආවා. දැන් ඔබතුමන්ලත් යම්කිසි විදිහකට යම්කිසි තිගැස්සුනා කියන අදහස තමයි ඒ පැත්තෙන් කියෙව්වේ. කට්ටිය එනකොට බයවෙලා දැන්.


පිළිතුර:
ඇත්තම කිව්වොත් තිගැස්සෙනවා. එයට හේතුව 2021 ත් ඔය විදිහට අඩබෙර ගහලා පෙරහැරවල් වලින් තමයි මොළ හතක් කියලා ගෙනල්ලා මුදල් ඇමතිකම දුන්නේ. රට බංකොලොත් කරලා, රට විනාශ කරලා, ලක්ෂ දෙසිය විස්සක් හිඟමනට දාලා තමයි බැසිල් මහත්තයා ආපහු ගියේ. ඉතින් ඇත්තට ඇඟ හිරිවැටෙනවා. එතුමා එනවයි කිව්වම හැබැයි ඉතින් එකක් අපි දැන් දැනගන්න ඕනේ ආයේ බැසිල් මහත්තයා නෙවෙයි රාජපක්ෂවරුන්ට මේ රටේ දේශපාලන බලයක් නැහැ දැන්. ඒගොල්ලෝ කල යුත්තේ විශේෂයෙන්ම ඔය රාජපක්ෂලාගේ මහින්ද රාජපක්ෂලාට විතරයි යමක් කියන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්තයට අපේ ඉල්ලීම අනේ කරුණාකරලා දේශපාලනයෙන් පිටවෙලා ගිහිල්ලා ඔය තියෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුළුවන් කෙනෙකුට පාලනය කරන්න දීලා දේශපාලනයෙන් යන්න නැත්නම් ඔබතුමාලට ඊළඟ මැතිවරණයෙන් පස්සේ මහජනයාගේ කෝපාවිෂ්ට ප්‍රහාරයකට ලක්වෙන්න පුළුවන්. මිනිස්සු ඉන්නෙත් ඔබතුමාලා ගැන අධික කෝපයෙන්. මේ රටේ පවුල් හැට ලක්ෂයක් ඉන්නේ රාජපක්ෂ පවුල ගැන දැවැන්ත වෛරයකින්. ඒ නිසා ඒ වෛරය වැඩි කරන්න එපා. ඔය බැසිල් රාජපක්ෂලා, උදයංග වීරතුංගලා ඇවිල්ලා නටන නැටිලි වලින් මේ වෛරය තව එක්තැන් වෙන එක විතරයි වෙන්නේ. ඒ වෛරය තවත් හදන් නැතුව ඔය ගෝඨාභය මහත්තයා ඉන්නවා වගේ පාඩුවේ ඉඳලා ඔය පොතක් ලියලා ඒ විදිහට ඉන්න. ඒ අයට හොඳ ආදර්ශයක් ගෝඨාභය මහත්තයා දෙන්නෙ.

ප්‍රශ්නය:
ඔබ පහුගිය දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එක්ක, ඒ වගේම මහින්ද අමරවීර මහත්තයත් එක්ක එහෙම සාකච්ඡා තිබුණද,


පිළිතුර:
මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක අපි සාකච්ඡා කළා මුලින්ම. අදත් මම මෛත්‍රීපාල මහත්තයා පාර්ලිමේන්තුවේ හමුවුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එතුමන්ලා ඇතුළු ඒ සියලු කණ්ඩායම් එක්ක යම්කිසි පොදු එකඟතාවයක් ඇති කරගන්න. ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක් ඇති කරගන්න කටයුතු කරනවා. ඉතින් ඒක අපිට කිසි ප්‍රශ්නයක් නෑ. අපි ඒ හැමෝම එක්කම කතා කරනවා මෛත්‍රීපාල මහත්තයලා එක්කත් කතා කරනවා. මුකුත් හොර සාකච්ඡා නෑ


'පුටුවේ' ව්‍යවස්ථාව වෙනස් කරලා තියෙනවා. පොදු නායකත්ව මණ්ඩලයක් ඇති කරනවා. ඒකට ඇතුල් වෙලා කටයුතු කරන්න කියන ආරාධනාව අපිට ආවා. ඉතින් ඒක පිළිබඳ විස්තර අපි අතර හුවමාරු වුණා. සාකච්ඡා කළා. ඒක තමයි දැන් සිදුවෙමින් තියෙන්නේ. අපි යෝජනා කරන්නෙත් පොදු නායකත්ව මණ්ඩලයක්, තනි නායකයෙක් වෙනුවට, තීරණ ගැනීමේ ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයක්  සහ මේ අර්බුදයෙන් රට ගොඩගන්න පුළුවන් අවම ජාතික වැඩපිළිවෙලක්.

 
ප්‍රශ්නය:
කෝප් කමිටු සභාපතිවරයා වෙනස් වුණා?


පිළිතුර:
කෝප් කමිටුවේ සභාපතිවරයෙක්ගේ භූමිකාව විය යුත්තේ කියලා කෙටියෙන් හැඳින්වුවොත් පොඩ්ඩක් කෝප් එක කියන එක ඇත්තටම රජයේ දෙපාර්තමේන්තු නොවන සංස්ථා, ආයතන හාරසිය තිස් ගානක් විගණකාධිපතිගේ වාර්තාව විමර්ශනය කරන්නනේ තියෙන්නේ. ඉතින් ඒක දිගටම මේ පහුගිය කාලේ දිගටම ඔය ඩියු ගුණසේකර මහත්තයා ඇරෙන්න මේ අපි දන්න කාලේ දිගටම මේක පාවිච්චි වුණේ ප්‍රචාරක ක්‍රියාවලියක් හැටියට. එක එක පුද්ගලයින් මේකේ සභාපති හැටියට දූෂණ, වංචා හෙළිකරන, ප්‍රචාරක ක්‍රියාවලියක් හැටියට තමයි යොදාගත්තේ. ඉතින් ඒකේ කමිටුවේ හා පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකෙන ආකාරයේ පත්වීමක් කරනවා මිසක් මේ බැසිල් රාජපක්ෂ හිතවතුන් ඒකට දාගෙන. (එක හිතවතෙක්ව දැම්මා එතුමට මහාචාර්ය පදවියකුත් තිබුණා.) හැබැයි කරපු හැටි අපි දැක්කා. අනෙක් හිතවතුන් දාගෙනත් ඊට වැඩි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ.

ප්‍රශ්නය:
මේ කියන්නේ අලුත් එක්කෙනා ගැනත් එහෙම විශ්වාසයක් නැද්ද?

පිළිතුර:
අපේ සභාපතිතුමා බැසිල් රාජපක්ෂ මහත්තයාගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන කෙනෙක් මිසක් වෙන වැඩපිළිවෙලක් ඔහුට තියෙන බවක් ඔහු කියන්නෙත් නෑ. ඉතින් ඒ නිසා ඔහුගෙන් බැසිල් රාජපක්ෂ රට බංකොලොත් කරපු ක්‍රියාදාමයේ ක්‍රියාවට වඩා වැඩිමනත් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඕක නෙමෙයි කෝප් කමිටුව කියන්නේ. කෝප් කමිටුවකින් වෙන් මේ රජයේ ආයතන හාරසිය තිස්දෙක ඉදිරියට ගෙනයාමට අවශ්‍ය කරන වැඩපිළිවෙළක් දෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ නායකත්වයක් දෙන්න පුළුවන් ආයතනයක්. ඉතින් මේ ආයතන මේ විදියට හෑල්ලු වීම ගැන හරි කණගාටුයි.

  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්