ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් කුලියාපිටියේදී මාර්තු 10 ඉරිදා ජන රැලියක් පවත්වන

අකිල විරාජ් කාරියවසම් එහිදී  නව හැඳින්වීමක් ලබා දීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

“සැබෑව“ යනුවෙන් නම් කර තිබෙන මෙම රැලියේදී රනිල් වික්‍රමසිංහ “නිර්පාක්ෂික පොදු අපේක්ෂක“ යනුවෙන් නව හැඳින්වීමකින් කලඑලි දැක්වීමට නියමිත ය.

නිර්පාක්ෂික අරගලකරුවන් යනුවෙන් නම් කරමින් ගෝල්ෆේස් පිටියේ පැවති මහජන අරගලය තුළ මෙනමින් හඳුන්වා ගත් කණ්ඩායමක් සිටියහ.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා එම හැඳින්වීම ආදේශ කිරීම අකිල විරාජ් කාරියවසම්ගේ සැලැස්ම වී තිබේ.

රවී කරුණානායක ප්‍රමුඛ පිරිසක් රනිල් වික්‍රමසිංහ “පොදු අපේක්ෂකයා“ යනුවෙන් මෙයට පෙර නම් කර තිබිණි. අකිල විරාජ් කාරියවසම් තව දුරටත් ඉදිරියට යමින් “නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා“ යනුවෙන් නම් කර ඇත.

2024


(lankatruth.com)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්