විමල් වීරවංශ කියනවා ගෝඨාභය ජනාධිපතිතුමා “පොත නොලියා හිටියා නම් හොඳයි” කියලා.

පළමුවෙන්ම අහන්න තියෙන්නේ කාටවත් පොත් ලියන්න එපා කියන්න විමල් කවුද? කියාය. ඔයාට බැහැ ගෝඨාභයවත් වෙන කවුරුවත් පොත් ලියන එක නවත්වන්න. ඔයා හිතන්න එපා අර අසහනකාරී ඝාතක චේගුවාරා වගේ කොන්ඩේ හදලා රැවුල් කට් ගැහුවට තමන්ගේ මතයට වෙනස් මතයක් දරන අයව ගුවාරා වගේ ඔයාටත් මර්දනය කරන්න පුළුවන් කියලා. ඔයාගේ ඔය ජානගත JVP ගතිය නිසා තමයි ඔයා අපේ කඳවුරට ගැලපෙන්නේ නැත්තේ. ඔයාට විතරද පොත් ලියන්න පුළුවන්… නැහැ. මේක ප්‍රජාතාන්ත්‍රික ජනරජයක්. අපි තව පොත් ලියනවා. ඔයාට පුළුවන් දෙයක් කරන්න.


විමල් ඔයා ඉස්සෙල්ලා පොත අරගෙන නිවී සැනසිල්ලේ කියවන්න. කලබල වෙන්න එපා. ඔයාගේ ඔය අහංකාර මෝඩ චූන් කලබලය නිසා තමයි ඔයා අද දේශපාලන විහිළුකාරයෙක් වෙලා ඉන්නේ. ඔයයි ගම්මන්පිලයි නටපු නාඩගම ගැන දින වාර්තා සහිතව පොතේ ලියා තිබෙනවා. බැසිල් එක්ක ඔයාට තියෙන පුද්ගලික බල ආරවුල නිසා මුළු රටේම ආරක්ෂාව නැති කරලා කුමන්ත්‍රණ අරගලයට උඩ ගෙඩි දුන්නු හැටි පොතේ තියෙනවා. ඔයාව අපේ කඳවුරෙන් නිෂ්ප්‍රභ වෙලා ඉවරයි. ඔයා කෑ ගහලා කියන කතාවලට සහාය දෙන්න දැන් මෙලෝ මිනිහෙක් නැහැ. ඉන්නේ අර පිටරට ඉන්න ඔයාගේ නූගත් සට්ටැඹියන් ටික දෙනා විතරයි. ඔයාට මයික් අල්ලන උන්ට වෙන වැඩක් නැහැ.


නමුත් ගෝඨාභයගේ පොත ගන්න මිනිස්සු පොර කනවා. නිකුත් කරලා පැය හයක් යන්න කලින් පොත් දසදහස් ගණනක් විකිණිලා ඉවර වුණා. ඒ තමයි මේ රටේ අව්‍යාජ බෞද්ධ සිංහල ජනතාව. ඒ මිනිස්සු මෙච්චර කල් නිහඬව ඉවසීමෙන් බලාගෙන හිටියේ තමන්ට කළ අසාධාරණය ගැන ඔවුන්ගේ නායකයා කට අරින කල්. දැන් ඒක වෙලා තිබෙනවා. ඔයාට ඒක දරාගන්න බැහැ කියලා අපිට තේරෙනවා. ඔයා හෙන ලොකු උත්සව තියලා ගහපු ඔයාගේ පොත ගන්න මැස්සෙක්වත් නැහැ. ගෝඨාභය කිසිම උත්සවයක් තිබ්බේ නැහැ. නමුත් මිනිස්සු වැල නොකැඩී එනවා පොත ගන්න. ඔයාට ඒක දරාගන්න බැහැ කියලා අපිට තේරෙනවා.


මේ රටේ පැවති සාපලත් යුද්ධය නිමා කරන්න නායකත්වය දුන්නු, කෝවිඩ් වසංගතයෙන් මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේරාගත්තු, ඒ මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම ජනාධිපතිකම පවා අත් හැරපු අසහාය මිනිහෙක්ට පොත් ලියන්න එපා කියන්න තරම් උසස් අධ්‍යාපනයක් නැති අවිචාරවත් හිස් මිනිහෙක් වන තමුන් ඔහොම උඩඟු වෙන්න එපා. දැන්වත් ඔයාගේ ඔය බොරු අහංකාරය පාලනය කරගන්න. බහින්න ඔයාගේ ඔය සඳළුතලයෙන් බිමට. ඔයා පොත කියවන්න විමල්. සත්‍යය විමසන්න. ඔයාගේ පටු කෝණයට පරිබාහිරවත් ලෝකයක් තිබෙන බව තේරුම් ගන්න. සිංහල බෞද්ධකම ගැන යටි ගිරියෙන් කෑ ගැහුවට වැඩක් නැහැ සිංහල බෞද්ධකම ඇඟේ නැතුව.

 

ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024 මාර්තු 8

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්