ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andrés Marcelo Garrido සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක

අතර හමුවක් සිදුව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මාර්තු 08 වැනිදා පැවති මෙම හමුවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායකද සහභාගි විය.

කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආ දේශපාලන සම්බන්ධතාවය පිළිබඳවත් වර්තමානයේ ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙනුත් දීර්ඝ වශයෙන් මෙහිදි සාකච්ඡා කර තිබේ.

කියුබාවට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙනුත් මේ වනවිට කියුබාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සෘජු සම්බන්ධතාත් ඒවායේ ප්‍රගතිය සහ ගැටලු සහගත තැන් පිළිබඳවත් තානාපතිවරයා අනුර කුමාරව දැනුත් කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් කියුබානු රජයේ සහයෝගීත්වයෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මේ වනවිටත් ගිවිසුම්ගතවීම පිළිබඳ සාකච්ඡා පවත්වන බවත් එවැනි ව්‍යාපෘති තවත් මහද්වීප 03ක රටවල් සමඟ මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් සිටින බවත් තානාපතිවරයා පවසා තිබේ.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්