කැනඩාවේ, ඔටාවාහි දී කුඩා දරුවන් සිව් දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් හය දෙනෙකු ඝාතනයට ලක් වීම ගැන ජාත්‍යන්තරයේ ද
අවදානය යොමුව තිබේ.

ඔටාවාහිදී කුඩා දරුවන් සිව් දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින්ගේ මරණ "සමූහ ඝාතනයක්" බව කැනේඩියානු පොලිසිය විසින් පවසයි.

මියගිය හයදෙනා කැනඩාවට මෑතකදී පැමිණි අය බවත්, වින්දිතයින්ගෙන් බාලයා මාස තුනකට අඩු වයසින් පසුවන බවත් පොලිසිය කියා සිටියි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ එම පවුල සමඟ ජීවත් වූ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකුට ය.

"මේක තනිකරම අහිංසක මිනිස්සු ටිකකට කරපු නිරර්ථක ප්‍රචණ්ඩ ක්‍රියාවක්" ඔටාවා හි පොලිස් ප්‍රධානියා බ්‍රහස්පතින්දා පැවසීය.

ඔටාවා ප්‍රාන්තයේ පිහිටි බාර්හේවන් ප්‍රදේශයෙන් ඉකුත් බදාදා එරට දේශීය වේලාවෙන් 22:52ට (ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා උදෑසන 9.22 ට පමණ) ලද හදිසි ඇමතුම්වලට පොලිස් නිලධාරීන් විසින් ප්‍රතිචාර දක්වා තිබේ.

එහි පැමිණි සිය නිලධාරීන් ඉක්මනින් සැකකරු හඳුනාගෙන ඇති බවත්, ඔහුව කිසිදු පරිශ්‍රමයකින් තොරව අත්අඩංගුවට ගත් බවත් පොලිස් ප්‍රධානී එරික් ස්ටබ්ස් පැවසීය.

පසුව නිලධාරීන් නිවසට ඇතුළු වී වින්දිතයින් සොයා ගත් අතර, නිවසේ මව, ඇගේ දරුවන් සිව්දෙනා සහ පවුල සමඟ ජීවත් වූ හඳුනන අයෙකු ද එයට ඇතුළත් ය.

                 
ඔටාවා නගරාධිපති මෙම සමුහ මනුෂ්‍ය ඝාතන සිදුවීම හැඳින්වූයේ තම නගර ඉතිහාසයේ සිදු වූ වඩාත්ම කම්පන සහගත ප්‍රචණ්ඩ සිදුවීම ලෙසිනි.


එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි දර්ශනී බඹරණායක ගම වලව්වේ දර්ශනී දිලන්තිකා ඒකනායක සහ ඇගේ දරුවන් සිව්දෙනා වූ හත් හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රිනානා වික්‍රමසිංහ සහ මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ වේ.

මියගිය හයවැනි පුද්ගලයා 40 හැවිරිදි අමරකෝන් මුදියන්සේලාගේ ගාමිණී අමරකෝන් නමැති අය ලෙස හඳුනා ගෙන ඇත.

පවුලේ පියා එම සිදුවීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති නමුත් ජිවිත අවධානමක නොමැති බව පොලිස් ප්‍රධානි ස්ටබ්ස් පැවසීය.

සැකකරු 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ලෙස පොලිසිය විසින් හඳුනාගෙන තිබේ. පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

වින්දිතයින් "තියුණු මුවාත සහිත ආයුධයක්" භාවිතා කර මරා දැමීම් සහ තුවාල සිදුකර ඇති බව පොලිස් ප්‍රධානි ස්ටබ්ස් පවසයි. පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ.


මෙම සිදුවීම ඔටාවා හි මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම ඝාතන සිදුවීම බවත්, එය කැනඩාවේ අගනුවරට "සැළකිය යුතු" බලපෑමක් ඇති කරන "සැබෑ ඛේදවාචකයක්" ලෙස හඳුන්වන බවත් ඔහු පැවසීය.

"ප්‍රජාවට ඇති කරන බලපෑම විශාල බව තමන් විශ්වාස කරන බව " පැවසූ ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ප්‍රදේශවාසීන් සහ ප්‍රජාවේ සාමාජිකයින් සිදුවීම වූ එම ප්‍රදේශයෙන් දිගටම ඉවත්ව සිටිම සුදුසු බවයි.

බ්‍රහස්පතින්දා CBC ප්‍රවෘත්ති සමඟ වෙනම සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී, ඔහු මෙම සිද්ධිය "සමූහ වෙඩි තැබීමක්" ලෙස කළ වැරදි ලෙස අර්ථකථනය කළ අතර පසුව එය නිවැරදි කරන ලදී.
4130e710 dcfb 11ee 8f28 259790e80bba
බ්‍රහස්පතින්දා (07) ටොරොන්ටෝහිදී, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එය "කම්පනය සහ භීතිය" ගෙන දුන් "බිහිසුණු ප්‍රචණ්ඩත්වයක්" සිදුවීමක් බවයි.

ඔටාවා නගරාධිපති මෙම සමුහ මනුෂ්‍ය ඝාතන සිදුවීම හැඳින්වූයේ තම නගර ඉතිහාසයේ සිදු වූ වඩාත්ම කම්පන සහගත ප්‍රචණ්ඩ සිදුවීම ලෙසිනි.

X සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් පැවසුවේ "ආරක්ෂිත ප්‍රජාවක් තුළ ජීවත් වීම ගැන අපි ආඩම්බර වෙනවා, නමුත් මෙම පුවත සියලුම ඔටාවා වැසියන්ට කම්පනයට පත් කොට තිබෙනවා " යනුවෙනි.

"මෙම බිහිසුණු සිදුවීමෙන් පීඩාවට පත් වූවන් පිළිබඳව විමර්ශනය කරන සහ එයින් බලපෑමට ලක්වූවන්ට සහාය දක්වන අපගේ හදිසි ප්‍රතිචාරක සේවයන්ට ස්තූතියි," ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබුණි.


කැනඩාවේ ඔටාවා අගනුවර දී ඝාතනයට ලක්වූ සිව්දරු මව මෙරට පොල්ගහවෙල පදිංචිකාරියකි.

සිය දියණිය සහ ඇගේ දරුවන් ඇතුළු පිරිස අහිමි වීම ගැන මිය ගිය කාන්තාවගේ මව වූ ජයන්ති ඒකනායක BBC සිංහල සේවයට අදහස් පළ කළාය.

''අනේ මගේ කෙල්ල, බුදු බණ එක්ක ජිවත් වෙච්ච දරුවා මගේ. මොනවා හිතෙන්න ඇද්ද ඒ වෙලාවේ. මේ ගේ දොර ගැන කියන කොටත් කියනවා මට නම් මුකුත් එපා අයියට ඔක්කොම දෙන්න කියලා. අපි අද හිටියා, හෙට ගියා. අපි මැරෙන මොහොත කියන්න බෑ අම්මා. එයා නිතරම එහෙම කිවුවා.'' යනුවෙන් ජයන්ති ඒකනායක පැවසුවා ය.
 


මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔටාවාහි වැඩවසන පූජ්‍ය නුගේගලයාගේ ජිනානන්ද හිමි ඉල්ලා සිටින්නේ, අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන දරුවන් සම්බන්ධයෙන් නිරන්තර අවදානයෙන් සිටින ලෙසයි.

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)


සබැඳි පුවත් :
කැනඩාවේදී ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙක් ඝාතනය කිරීම ගැන තවත් තොරතුරු



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්