අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් මේ වන විට නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල සඳහන් කළේ වසරේ ගත වූ කාලසීමාව තුළ පරිගණක වංචා 423 වාර්තා වී ඇති බවය.

"අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන වංචා, ඒ එක්කම ක්‍රිප්ටො-කරන්සි හරහා සිදුවුණ වංචා, පිරමීඩ වංචා ගොඩක් වෙලාවට පසුගිය වර්ෂයේ සිට මේ වර්ෂයේ ගෙවී ගිය මාස දෙක තුළ වැඩිවීමක් තියෙනවා. 2023 අන්තර්ජාල වංචා 1,609ක් අපිට වාර්තා වෙලා තියෙනවා. මේ වර්ෂය තුළ ජනවාරි මාසයේ එවැනි වංචා 110ක් වාර්තා වෙලා තියෙනවා. පෙබරවාරි මාසයේ අන්තර්ජාල වංචා 213ක් සහ මාර්තු මාසයේ මේ දක්වා 100ක් වර්තා වෙලා තියෙනවා. සමහර පැමිණිවල මුදල් වංචා වාර්තා වුණාම ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීලා අපි පරිගණක අපරාධ කොට්ඨාසය වෙත යොමුකරලා තියෙනවා."

අන්තර්ජාලය ඔස්සේ සිදුවන පරිගණක අපරාධ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල මෙසේද සඳහන් කළේය. 

"අන්තර්ජාලය ඔස්සේ, තමන්ගේ නිරුවත් ඡායාරූප මුදාහරින බවට තර්ජනය කරමින් සිදුවුණ සිදුවීම් වාර්තා වෙනවා. 775ක් 2023 වසරේ දී එවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම අන්තර්ජාලය වංචා සිදුවීම් 1609ක් වාර්තා වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ගිණුම් සකස් කළ සිදුවීම් වාර්තා වෙනවා 5,188ක්. කුඩා ළමුන් සම්බන්ධ සිදුවීම් 98ක් වාර්තා වෙනවා. ඒ සමගම පුද්ගලයින් විසින් අනවසරයෙන් ගිණුම්වලට ඇතුළු වුණ අවස්ථා 7,499ක් වාර්තා වුණා. ප්‍රතිශතයක් ලෙස අනවසර ප්‍රවේශයේ සහ ව්‍යාජ ගිණුම්වල වැඩිවීමක් දක්නට ලැබෙනවා."

(adaderana.lk) 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්