ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත රැස් කිරීමට තීරණය කර තිබේ.


ඒ, ඉදිරි ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වෙනුවෙන් පක්ෂය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්ය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ එහි මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයින් හමුවීමද මේ දිනවල සිදු කරනු ඇත.

පොදුජන පෙරමුණ සඳහන් කළේ, කණ්ඩායම් වශයෙන් ඔවුන් හමුවන බවයි.

එහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු මෙන්ම දිස්ත්‍රික්ක වශයෙන් මන්ත්‍රීවරුන්ට පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරෙන බව පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.

(News 1st) 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්