යැපුම් සංකල්පයෙන් මිදී තිරසර දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතියක් සමගි ජන බලවේගය සැලසුම් කර ඇති බව විපක්ෂ නායකවරයා පවසනවා.


ඒ තුළින් ගෘහ මූලික පවුලක පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරිම, නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සම්පත් ලැබෙන බවත් එය දුප්පතුන් ලෙස නිර්මාණය වී ඇති අඩකට වැඩි පුරවැසියන් වෙනුවෙන් සූදානම් කර ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 85 වැනි අදියර යටතේ අද අනුරාධපුර කලාවැව තලාව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා පාසැල් බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරයට අපනයන කේන්ද්‍රීය ආර්ථික රටාවක් බද්ධ කර ගනිමින් ගෘහමූලික පවුල්වල මව්වරු පියවරු නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වන විට එය අපනයන වෙළෙඳපොළ කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ හරහා ඩොලර්වලින් මුදල් ඉපයිය හැකි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

(චතුරංග මේදිස්)

 

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්