ප්‍රවීණ නිවේදකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ  මාධ්‍යවේදියකු වූ අසෝක තිලකරත්න අද (13) අභාවප්‍රාප්ත විය.


මියයනවිට 82 වියේ පසු වු ඒ මහතා කලක් අසනීප තත්ත්වයෙන් පසු වු අතර කළුබෝවිල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය

හෙතෙම  මෙරට ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයේ පෙරගමන්කරු ලෙස සැළකෙන රිජ්වේ තිලකරත්න මහතාගේ එකම සොහොයුරාය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අසෝක තිලකරත්න මහතා 1967 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක් විය.

දීර්ඝ කාලයක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඒ මහතා සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කළ නිවේදකයෙකි.

අසෝක තිලකරත්න මහතා 'ලක්හඬ' ගුවන් විදුලිය ආරම්භක සාමාජිකයෙකු වූ අතර වසර 06 ක පමණ කාලයක් එහි වැඩසටහන් කළමනාකරුවකු ලෙස කටයුතු කලේය.

ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්