පාසල්වල 8 වැනි ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා වු තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධනය කිරීමට

පියවර ගෙන තිබේ.

ඒ අනුව තොරතුරු තාක්ෂණ විෂය ධාරාව සමග කෘතිම බුද්ධිය විෂය ධාරාව හඳුන්වාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේය.

එහි නියමු ව්‍යාපෘතිය එළැඹෙන මාර්තු 19 වන දා පාසල් 17ක් සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමට නියමිතව බව ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සිය වසක් සපිරිම නිමිත්තෙන් එහි පැවති සමරු උත්සවයට එක්වෙමින් කියා සිටියේය.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග මයික්‍රෝසොෆ්ට් ආයතනය එක්ව සිටින අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විෂය දැනුම මෙරට දරුවන්ට ලබාදීමට ඒ අනුව හැකිවන බවට අධ්‍යාපන අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

එමෙන්ම මෙරට සියලු‍ ගුරුවරුන්ට ද නවීන තාක්ෂණය සමග බද්ධ වෙමින් පන්ති කාමරය තුළ පාඩම් සැලසුම් කර ගැනීමට ඉදිරියේ දී සිදුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීමට කලාප මට්ටමින් මධ්‍යස්ථාන සියයක් පිහිටුවීමට දැනටමත් කටයුතු යොදා ඇති බව ද පැවසීය.

AI4School

(චතුරංග මේදිස්)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්