ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh), ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර

දිසානායක ව පැලවත්ත ජනතා විමුක්ති  පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී අද (13) පෙරවරුවේ හමුවිය.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් (දේශපාලන) පැට්‍රික් පිකරින් (Patrick Pickering) සහ ජාතික ජන බලවේගය  ජාතික විධායක සභික විජිත හේරත් ද එක්ව සිටියහ.

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සැලසුම් පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය.

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවීම සඳහා වන ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ඉදිරි කැනඩා සංචාරයට සුබ පැතීමටද මහ කොමසාරිස් මෙය අවස්ථාවක් කර ගෙන ඇත.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්