තමන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡාවක් නොව පාර්ලිමේන්තුවේ පක්ෂ සමග සාකච්ඡා කර ණය හිමියන් සමග

එකඟතාවයකට පැමිණෙන ලෙස යැයි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසයි.

චෝදනා කිරිමට පෙර තමන් කී දේ නැවත වරක් නරඹන්නැයි ඉල්ලා සිටි මන්ත්‍රීවරයා එම විඩියෝවේ කියු දේ නැවත වරක් සඳහන් කළේය.

"මුදල් ඇමතිවරයා, ජනාධිපතිවරයා මෙතන ඉන්න නිසා මම කැමතියි එකක් අහන්න. මෙතනදී අපිට ඔහු සමග සම්බන්ධ වෙන්න හැකියාවක් නෑ කමිටුව හැටියට. ගරු මුදල් ඇමතිතුමා, ජනාධිපතිතුමා, ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ දවස්වල කරගෙන යනවා. ඡන්දෙට තව තියෙන්නේ මාස කිහිපයයි. එතකොට ඊළඟට පත්වෙන ආණ්ඩුව බැඳී සිටිනවා ණය හිමියන් සමග එකතුවෙන වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන යන්න. ඒ නිසා, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමග සාකච්ඡා කරල මෙවැනි එකඟතාවයකට ආවොත් හොඳයි කියල මම යෝජනා කරනවා. මොකද ඔබතුමා තව කොච්චර කාලයක් ඉන්නවද කියල අපිට හරියට කියන්න බෑ."


ආණ්ඩුවට අවශ්‍ය එකඟතාවයන්පමණක් එළඹුනහොත් ඊළඟට පත්වෙන ආණ්ඩුවට ඊට වගකිව නොහැකි බැවින් එසේ පක්ෂ සමග සාකච්ඡා කර එකඟතාවයකට එන ලෙස ඉල්ලා සිටි බව ද හර්ෂ ද සිල්වා සඳහන් කළේය.

“එතකොට රටක් විදිහටයි අමාරුවේ වැටෙන්නේ. අනිත් එක IMF ගිවිසුම දැන් අත්සන් කරල ඉවරයි. ඒක නිසා IMF එකත් එක්ක ඒ පිළිබඳව ආයෙත් සාකච්ඡා කරල වැඩක් නෑ. මම කියපු කතාව තේරුම්ගන්න තරම් සමහර දේශපාලකයින්ට මේවා ගැන අවබෝධයක් නැතිවීම ගැන කණගාටුයි.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 
(චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්