ලංකාවේ 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදි ඉතිහාසය තුළ බලයක් නොමැතිව රටටම සේවය කළ එකම විරුද්ධ පක්ෂය ලෙස සමගි ජන බලවේගය

ඉතිහාසයේ ලියැවි ඇති බව විපක්ෂ නායකවරයා පවසයි.

බලය ලබා ගැනීමේ අසීමිත කෑදර කමක් ඇති විවිධ කණ්ඩායම් මහා විශාල ධනස්කන්ධයක් වැය කරමින් බලය ලබා ගැනීමට උත්සාහ කරන මොහොතක බලයක් නොමැතිව එවැනි සේවාවක් කරන ලද එකම පක්ෂය සජබ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායකයාගේ විශ්වාසයට අනුව සමගි ජන බලවේගය බලයට පැමිණියහොත් මීට වඩා වැඩි වැඩ කොටසක් ඉටු කළ හැකිය.

නමුත් බලයට එන ගමනට පූර්ණ මූල්‍ය ශක්තිය යොදවනවා වෙනුවට සුහුරු රටක් සුහුරු පුරවැසියන් ගොඩනැගීමට වැඩි දායකත්වයක් ලබා දිය යුතුය යන පරම පවිත්‍ර චේතනාවෙන් සමගි ජන බලවේගය කටයුතු කරන බවයි ඔහු අවධාරණය කරන්නේ.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 127 වැනි අදියර යටතේ ඊයේ (17) මාතර අකුරැස්ස මාලිම්බඩ හොරගොඩ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළේය.


කතිරය ගහන්න කලින් දෙපාරක් හිතන්න


කියන කියන දේට අත්පුඩි නොගහන ලෙස ඉල්ලා සිටින සජබ නායකයා පෙන්වා දෙන්නේ කයිවාරු කාරයන්ට අත්පුඩි ගැසූ නිසා මේ වන විට රට බංකොලොත් වී ඇති බවයි.

එබැවින් ඉදිරියේ දී කතිරය ගැසීමට පෙර දෙවරක් සිතන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.


(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්