කැනඩාවේ ඔටාවාහිදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් හය දෙනාගේ දේහයන් පිළිබ‍ඳ අවසන් කටයුතු

(මාර්තු 17 වැනිදා) සිදු කෙරුණි.

ඒ සඳහා ඔටාවා හි පැවැති බහු ආගමික අවමංගල්‍යය උත්සවයට පුද්ගලයින් 200 කට අධික පිරිසක් සහභාගී වූහ.

සිද්ධියෙන් මිය ගිය පිරිසෙන් පස් දෙනෙකු කැනඩාවට මෑතකදී පැමිණි පවුලක මව සහ දරුවන් සිව්දෙනාය. මියගිය අනෙක් පුද්ගලයා මිය ගිය පිරිසගේ පවුලේ මිතුරෙකි.

ඔවුන් වෙනුවෙන් පැවැති අවමංගල්‍යය උත්සය ඔටාවාහි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්විණි.

එය සංවිධාන කර තිබුණේ කැනඩා බෞද්ධ සම්මේලනය යි.

ටොරොන්ටෝ සහ ඔටාවා හි වැඩවෙසෙන මහා සංඝරත්නය විසින් අවමංගල්‍ය උත්සවයේ ආගමික වතාවත් සිදු කරනු ලැබූහ.

ඝාතන සිද්ධිය වාර්තා වූ වහාම ඒ සම්බන්ධයෙන් පළමුව ප්‍රතිචාර දැක්වූ පිරිසට සහ ඔවුන් දක්වන ලද සහයෝගයට එහිදී ස්තූතිය පළ කෙරුණි.

uihxdfg4ඝාතනයට ලක්වූ දර්ශනී දිලන්තිකා ඒකනායකගේ සැමියා වන සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි ධනුෂ්ක වික්‍රමසිංහ ද අවමංගල්‍ය උත්සවයට සහභාගිව සිටි අයුරු

 

ඝාතනයට ලක්වූ 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායකගේ සැමියා වන සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි ධනුෂ්ක වික්‍රමසිංහ ද අවමංගල්‍ය උත්සවයට එක්ව තිබේ.

එහෙත් ඔහු එහිදී මාධ්‍ය වෙත කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැත.

එහෙත් අනතුරුව ඔහු ප්‍රකාශනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පළමුව ප්‍රතිචාර දැක්වූවන්, රෝහල සහ කැනඩාවේ බෞද්ධ සම්මේලනය මෙන්ම ශ්‍රී ලාංකීය ප්‍රජාව ඇතුළු විවිධ කණ්ඩායම්වලට ස්තූතිය පුද කරන බව ය.

තම බිරිඳ, දරුවන් සහ හිතාදර මිතුරෙකුගේ මරණයෙන් තමා විශාල පරිහානියකට හා කඩා වැටීමකට ලක්ව ඇති බව ද ඔහු පැවසීය.

"මෙම ඛේදවාචකය මා සහ මගේ පවුල ගැඹුරින් කම්පනයට පත් කර තිබෙනවා. මෙම ඛේදවාචකයෙන් පසු මා මුහුණ දී සිටින දුෂ්කර ගමනේදී ජනතාව කළ යාඥාවන් මෙන්ම කාරුණික සිතුවිලිවලට මගේ හෘදයාංගම කෘතඥතාව පුද කරනවා," යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබේ.

මේ අතර අදාළ ඝාතන සිද්ධියේදී මිය ගිය 40 හැවිරිදි වියේ පසුවූ ගාමිණී ඒකනායකගේ බිරිඳ වන ඩිෂානි අසංගිකා ප්‍රනාන්දු නිකුත් කළ වීඩියෝවක් ද අවමංගල්‍යය උත්සවයේදී ප්‍රචාරය කර තිබේ.

"ආදරණීය ස්වාමිපුරුෂයෙක් [සහ] සෑම විටම පුදුමාකාර පියෙක්." වීම ගැන ඇය ඔහුට ස්තුති කළාය.

"ඔබ (මෙහි ආවේ) අපේ දරුවන්ට හොඳ අනාගතයක් දෙන්න. ඒත් අපි නොහිතපු විදියට අපේ හීන ඔක්කොම බොඳවෙලා ගියා." යනුවෙන් ඇය එහිදී පවස තිබුණි.

xdft5

ටොරොන්ටෝ සහ ඔටාවා හි වැඩවෙසෙන මහා සංඝරත්නය විසින් අවමංගල්‍ය උත්සවයේ ආගමික වතාවත් සිදු කරනු ලැබූහ.

 

අවමංගල්‍යයට පෙර කැනඩා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කැනඩාවේ බෞද්ධ සම්මේලනයේ සභාපති නාරද කොඩිතුවක්කු ප්‍රකාශ කර තිබුණේ, එම ඛේදවාචකය බැර්හැවන් හි ශ්‍රී ලාංකික සහ සංක්‍රමණික පවුල්වලට දැඩි ලෙස බලපාන බවයි.

"ඔවුන් මෙහි පැමිණ මෙතරම් කෙටි කාලයකින් ඔවුන්ගේ ජීවිත අහිමි වීම නිසා අපි කඩා වැටීමට ලක්ව සිටිනවා" කොඩිතුවක්කු පැවසීය.

ටොරොන්ටෝ හි ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රදීප් බාලසුබ්‍රමනියන් ද අවමංගල්‍යයට පැමිණ සිටියේ වින්දිතයින්ගේ පවුලේ අය වෙත ශෝකය පළ කිරීම වෙනුවෙනි.

මේ අතර කැනඩාවේ ලිබරල් මන්ත්‍රීවරුන් වන ගැරී ආනන්දසංගරී සහ චන්ද්‍රා ආර්යා, ප්‍රගතිශීලී කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී ලීසා මැක්ලියෝඩ් සහ ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් ඇතුළු පිරිසක් අවමංගල්‍ය උත්සවයේදී අදහස් පළ කරන ලදී.

"ඔබේ ප්‍රජාව ඔබ සමඟ සිටින බව ඔබට දැන්වීමට මට අවශ්‍යයයි" නගරාධිපති සට්ක්ලිෆ් විපතට පත් වූවන්ගේ පවුල්වලට පැවසීය. "මෙවැනි කාලයකදී අපි ප්‍රජාවක් ලෙස එකට එකතු විය යුතුයි." ඔහු පැවසීය.

 

ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබු 19 හැවිරිදි සැකකරු රක්ෂිත භාරයට

කැනඩාවේ ඔටාවාහි දී මෙම ශ්‍රී ලාංකිකයින් හය දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 19 හැවිරිදි සැකකරු රක්ෂිත භාරයට පත් කර ඇත.

කැනඩා මාධ්‍ය වාර්තාකරනු ලැබුවේ ෆෙබ්‍රියෝ ඩි සූසා නැමති මෙම සැකකරු (මාර්තු 14 වැනිදා) අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු බවය.

සැකකරුට එරෙහිව පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

කැනඩා මාධ්‍ය අනාවරණය කළේ මෙම නඩුව මාර්තු 28 දක්වා කල් තබා ඇති බවය.

25xfge


සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පවුලේ හය දෙනාගේ අවසන් කටයුතු කැනඩාවේදී 

 'මට පෙට්ටි පහක් ගෙනල්ලා මෙතන තියාගෙන වේදනා විඳින්න අමාරුයි.'

 

කැනඩාවේ, ඔටාවාහි දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලංකික පවුලේ සාමාජිකයින් හය දෙනාගේ අවසන් කටයුතු කැනඩාවේ දී සිදු කරන බව ඥාතීහු ප්‍රකාශ කළහ.

එම සිදුවීමේ දී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින 34 හැවිරිදි ධනුෂ්ක වික්‍රමසිංහගේ පියා සහ සහෝදරයා අවසන් කටයුතු සිදු කෙරෙන අවස්ථාවට ශ්‍රී ලංකාවේ සිට සහභාගී වනු ඇත. කෙසේ නමුත් අවසන් කටයුතු සිදු කෙරෙන දිනයක් මේ දක්වා වාර්තා නොවේ.

''මට පෙට්ටි පහක් ගෙනල්ලා මෙතන තියාගෙන වේදනා විඳින්න අමාරුයි. මිනී ගේන්නේ නෑ. සියලුම කටයුතු එහෙ. පන්සලේ හාමුදුරුවෝ අවශ්‍ය කරන සියලු දේවල් කරනවා. හස්බන්ගේ පැත්තේ අප්පච්චියි, මල්ලියි යනවා.'' යනුවෙන් මියගිය දර්ශනී දිලන්තිකාගේ මව වූ ජයන්ති ඒකනායක BBC සිංහල සේවයට පැවසුවාය.

මේ අතර තුවාල ලබා සිටින ධනුෂ්ක වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ සිටින පවුලේ ඥාතීන් සමග කතා කර තිබේ.

 

කැනඩාවේදී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පවුල ගැන තවත් තොරතුරු හෙළිවෙයි

පසුගිය බදාදා තම සේවය නිම කොට නිවසට පැමිණි තමන් දුටුවේ තම බිරිඳ සහ කුඩා දරුවන් හතර දෙනා මරා දමා ඇති බව යැයි කැනඩාවේදී සිය පවුල සමූහ වශයෙන් ඝාතනය කිරීමේ සිද්ධියෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වන එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ පවසා තිබේ.

34 හැවිරිදි ධනුෂ්ක වික්‍රමසිංහ ද එහිදී ප්‍රහාරයට ලක් වූ නමුත් සැකකරුගෙන් බේරීමට සමත් විය.

ඔහුගේ ඇසේ සහ එක් අතක කැපුම් තුවාලයක් ඇති අතර මේ වන විට රෝහල්ගතව සුවය ලබමින් සිටියි.

මෙම මරණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ එම පවුල සමඟ ම ජීවත් වූ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකුට ය.

වික්‍රමසිංහ පවුල ඝාතනය කළ රාත්‍රිය ගැන නවතම තොරතුරු රැසක් අනාවරණය වූයේ එම පවුලේ අය නිතර ආගිය ඔටාවාහි බෞද්ධ ආරාමයක වැඩ වෙසෙන පූජ්‍ය භන්තේ සුනීතහිමි සමඟ මාධ්‍ය විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡා මාලාවකින් ය.

බ්‍රහස්පතින්දා ධනුෂ්ක වික්‍රමසිංහ බැලීමට රෝහලට ගිය සුනීත හිමි පැවසුවේ සිදු වූ දෙය පිළිබඳව ඔහු “මහත් කම්පනයකින්” සිටින බව ය.

dfsdfe444

ඔටාවා පොලිසිය විසින් බදාදා එරට දේශීය වේලාවෙන් 22:52ට (ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා උදෑසන 9.22 ට පමණ) ලැබුණු හදිසි ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් පසු බාර්හේවන් ප්‍රදේශයේ නිවසකින් ඝාතනයට ලක්වූ පවුලේ අයගේ සිරුරු සොයා ගන්නා ලදී.

ඔටාවා පොලිස් සේවයේ ප්‍රධානී එරික් ස්ටබ්ස් පැවසුවේ, පුද්ගලයෙකු විසින් අසල්වැසියන්ගෙන් උදව් ඉල්ලා කෑගැසීමෙන් පසුව එම ඇමතුම් ලැබී ඇති බවයි. එලෙස උදව් ඉල්ලා කෑගසා ඇත්තේ ධනුෂ්ක වික්‍රමසිංහ යැයි පසුව නිගමනය කර තිබේ.

හදිසි දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වූ පොලිස් නිලධාරීන් විසින් පසුව ධනුෂ්ක වික්‍රමසිංහගේ බිරිඳ වන 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක සහ ඔවුන්ගේ කුඩා දරුවන් සිව්දෙනාගේ මළ සිරුරු සොයා ගන්නා ලදී. ඒ අතර හත් හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, තුන් හැවිරිදි රනායා වික්‍රමසිංහ, සහ මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ ද වූහ.

පවුලේ අය සමඟ ජීවත් වූ 40 හැවිරිදි අමරකෝන් මුදියන්සේලාගේ ගාමිණී අමරකෝන් නමැති අයගේ මළ සිරුරද පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

ඔටාවා හි ශ්‍රී ලංකා කැනඩා සංගමයේ හිටපු සභාපති වන නාරද කොඩිතුවක්කු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ඔවුන් පසුගිය වසරේ කැනඩාවට පැමිණ ඇති බව ය.

CBC සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, සුනීත හිමියන් විසින් එම පවුල ගැන විස්තර කළේ විහාරස්ථානයට බොහෝ විට උදව් කරන කාරුණික පුද්ගලයන් ලෙසය.

"ඔවුන් අහිංසකයි. ඒ වගේම ගොඩක් උදව් කරන මිනිස්සු. කවුරු උදව්ක් ඉල්ලුවත් එහෙමයි," සුනීති හිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු වන ෆෙබ්‍රියෝ ඩි සූසා කිසිදු ප්‍රතිරෝධයකින් තොරව නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, "පිහියක් වැනි දෙයක්" භාවිතා කරමින් සිදු කර ඇති බවට පොලිසිය පවසන මෙම ඝාතන සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

ඔටාවාහි Algonquin විද්‍යාලය බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ෆෙබ්‍රියෝ ඩි සූසා තම විද්‍යාලයට ඇතුළත් අයෙකු බවත්, ඔහු විද්‍යාලයට පැමිණි අවසන් වාරය 2023 ශීත ඍතුව බවත් තහවුරු කළේය.

ෆේස්බුක් හි ප්‍රකාශයක් පළකරමින් ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය විපතට පත් වූවන්ගේ පවුලේ අයට සහ මිතුරන්ට සිය ශෝකය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සිට විදෙස් රටවලට ගොස් අධ්‍යාපනය ලබන අයගේ දෙමාපියන්ට ඔවුන් අනතුරු අඟවා සිටියේ “තම දරුවන් කැනඩාව වැනි විදෙස් රටකදී එම රටවලට අනුගත වන සංක්‍රාන්තික කාලසීමාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන” ලෙස ය.

පොලිසිය මෙම අපරාධය සඳහා හේතුව නිශ්චිතව සඳහන් කර නොමැති අතර, එම පවුල "අහිංසක වින්දිතයන්" බවත්, ඔවුන්ගේ විමර්ශන සිදුවෙමින් පවතින බවත් සඳහන් කළේය.

ෆෙබ්‍රියෝ ද සොයිසා ඉකුත් බ්‍රහස්පතින්දා ඔටාවා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහුට පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නිල වශයෙන් චෝදනා ගොනු කෙරුණි.

ඉකුත් සෙනසුරාදා මෙම පවුල වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් පවත්වනු ලබන අතර, කැනඩාවේ බෞද්ධ සම්මේලනය විසින් ධනුෂ්ක වික්‍රමසිංහ වෙනුවෙන් දියත් කරන ලද GoFundMe ව්‍යාපාරය මගින් සිකුරාදා පස්වරුව වන විට කැනේඩියානු ඩොලර් C$53,000 ($39,300; £30,500) ට වැඩි මුදලක් රැස් කර ඇත.

 

ඔටාවා නගරාධිපති මෙම සමුහ මනුෂ්‍ය ඝාතන සිදුවීම හැඳින්වූයේ තම නගර ඉතිහාසයේ සිදු වූ වඩාත්ම කම්පන සහගත ප්‍රචණ්ඩ සිදුවීම ලෙසිනි.

 

මෙම සිදුවීම ඔටාවා හි මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම ඝාතන සිදුවීම බවත්, එය කැනඩාවේ අගනුවරට "සැළකිය යුතු" බලපෑමක් ඇති කරන "සැබෑ ඛේදවාචකයක්" ලෙස හඳුන්වන බව පොලිස් ප්‍රධානි ස්ටබ්ස් පැවසීය.

"ප්‍රජාවට ඇති කරන බලපෑම විශාල බව තමන් විශ්වාස කරන බව " පැවසූ ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ප්‍රදේශවාසීන් සහ ප්‍රජාවේ සාමාජිකයින් සිදුවීම වූ එම ප්‍රදේශයෙන් දිගටම ඉවත්ව සිටිම සුදුසු බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා CBC ප්‍රවෘත්ති සමඟ වෙනම සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී, ඔහු මෙම සිද්ධිය "සමූහ වෙඩි තැබීමක්" ලෙස කළ වැරදි ලෙස අර්ථකථනය කළ අතර පසුව එය නිවැරදි කරන ලදී.

එදිනම ටොරොන්ටෝහිදී, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එය "කම්පනය සහ භීතිය" ගෙන දුන් "බිහිසුණු ප්‍රචණ්ඩත්වයක්" සිදුවීමක් බවයි.

ඔටාවා නගරාධිපති මෙම සමුහ මනුෂ්‍ය ඝාතන සිදුවීම හැඳින්වූයේ තම නගර ඉතිහාසයේ සිදු වූ වඩාත්ම කම්පන සහගත ප්‍රචණ්ඩ සිදුවීම ලෙසිනි.

X සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් පැවසුවේ "ආරක්ෂිත ප්‍රජාවක් තුළ ජීවත් වීම ගැන අපි ආඩම්බර වෙනවා, නමුත් මෙම පුවත සියලුම ඔටාවා වැසියන්ට කම්පනයට පත් කොට තිබෙනවා " යනුවෙනි.

"මෙම බිහිසුණු සිදුවීමෙන් පීඩාවට පත් වූවන් පිළිබඳව විමර්ශනය කරන සහ එයින් බලපෑමට ලක්වූවන්ට සහාය දක්වන අපගේ හදිසි ප්‍රතිචාරක සේවයන්ට ස්තූතියි," ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබුණි.



(BBC සිංහල සේවය)
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්