කලින් පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට අද (18) දැනුම් දී ඇත.

 

ඒ නිසා මුලින් ජනපතිවරණය වෙනුවෙන් සූදානම් වන්නැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය දැනුම්වත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී කැබිනට් මණ්ඩලයේ රැස්විය.

මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණයද? ජනාධිපතිවරණයද? යනුවෙන් පැතිරෙන මතවාද සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය වන හෙයින් ඒ අනුවම කටයුතු සිදුවනු ඇති බවයි.

(lankadeepa.lk -අංජුල මහික වීරරත්න)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්