බීමට සුදුසු පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි වීමෙන් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන ආණමඩුව කිවුල ප්‍රාථමික පාසලට ජල පිරිපහදු

පද්ධතියක් ස්ථාපනය කිරීම කැලණිය විශ්ව විද්‍යාලයීය රොටරැක් (ROTARACT) සමාජය විසින් සිදු කර තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයීය රොටරැක් (ROTARACT) සමාජයේ විසින් සංවිධානය කරනු ලබන “අපෙන් ගමට” ව්‍යාපෘතිය දෙසැම්බර් මස 29 වනදා සිට මේ දක්වා සාර්ථක අන්දමින් දිවයිනේ ප්‍රදේශ දෙකක් මූලික කොට ගනිමින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එහි දෙවන අදියර ලෙස මෙය සිදු කර ඇත.

එහි ප්‍රථම අදියර ලෙස කළුතර දිස්ත්‍රික්කයේ, පානදුර ජෙරමියස් දියෙස් පාසල තෝරාගෙන සිදු කර ඇති අතර සිසුන් 185 දෙනෙකුගෙන් සහ ගුරුවරු කිහිප දෙනෙකුගෙන් සමන්විත එම පාසලෙහි අඩු ආදායම් ලාභි සිසුන් සිප්සතර හදාරයි.

මෙම ව්‍යාපෘතිය තිරසාර සංවර්ධන ඉලක්ක අංක 17 මූලික කරගනිමින් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර පුනර්ජීවනය වූ හවුල්කාරීත්වයක් තුළින් තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ  බව සංවිධායක මණ්ඩලය පවසයි.

''අපෙන් ගමට” ව්‍යාපෘතියේ ප්‍රථම අදියර අති අසාර්ථක අන්දමින් අවසන් කිරීමට හැකියාව ලැබී ඇති අතර එසේම මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර ද ඉතා එලදායි ලෙස නිම කොට තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන සහය තවදුරටත් ලබාදීමට අපේක්ෂා කෙරේ.

එමගින් පාසල් දරුවන් හට සුරක්ෂිත හෙට දිනක් උදාකරදීමට කැලණිය විශ්වවිද්‍යාලයීය රොටරැක් සමාජයට හැකි වන බවයි සංවිධායක මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ.


(චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්