රජයේ සියලු පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළව පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.
ඒ අනුව සියලු පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලුම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත මේ වනවිටත් ලබා දී අවසන් කර තිබේ.
මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබද පහත දුරකථන අංක, ෆැක්ස් අංක හෝ ඊමේල් මගින් වහාම දැනුම් දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දන්වා සිටියි.
පෙළ පොත් සඳහා -
දුරකථන අංක - 0112784815/0112785306
ෆැක්ස් - 0112784815
විද්‍යුත් ලිපිනය -
නිල ඇඳුම් රෙදි සඳහා -
දුරකථන අංක - 0112785573
ෆැක්ස් - 0112785573
විද්‍යුත් ලිපිනය -
(චතුරංග මේදිස්)