මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන් වෙනුවෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා

ස්වයං රැකියා වැඩසටහන් දියත් කර තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන්ට කුකුළු ගොවිපළ, වඩුමඩු , වෙල්ඩින් වැඩපළ, කිරිගව පාලනය වැනි ස්වයං රැකියා ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ඊයේ (18) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් විසින් රුපියල් 50,000 බැගින් ලබා දෙන ලදී.

 නැගෙනහිර පළාත් ආණ්ඩුකාර නිල නිවසේ දී මෙම උත්සවය පැවැත්වුණු අතර අම්පාර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(චතුරංග මේදිස්)

job

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්