සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදු කළ ඖෂධ හදිසි මිලදී ගැනීම් සම්පූර්ණයෙන් නවතා දමා තිබෙන බවත්

ටෙන්ඩර් පටිපාටිය මගින් පමණක් ඖෂධ මිලදී ගැනීම්සිදු කරන අතර එහි පූර්ණ වගකීම ඖෂධ නියාමන අධිකාරියට පවරා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පාලිත මහීපාල පවසයි.

මධ්‍යම පළාත් රෝහල්වල ගිලන් රථ රියදුරන් සඳහා අද පැවති පුහුණු පාඨමාලාවකින් අනතුරුව මහනුවර ජාතික රෝහලේ තිලක් අබේසේකර ශ්‍රමණාගාරයේදී පැවැති එහි සහතික පත් බෙදා දීමේ අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා ඒ බව අවධාරණය කළේය .


පිළිකා රෝගීන් සඳහා බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ කමිටුවක් පත්කොට ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවද සෞඛ්‍ය ලේකම්වරයා පැවසීය.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවය වඩාත් ගුණාත්මක ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම බවත් ඒ සඳහා නව දිශානතියක් ඔස්සේ ගමන් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වඩාත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබෙන බවද සෞඛ්‍ය ලේකම්වරයා පැවසීය.

කිසියම් හෝ ගැටළුවක් පැන නැගුන ඖෂධ වහාම භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඔස්සේ බාල බෙහෙත් ලබාදීමට කිසිදු ආකාරයක ඉඩක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.

(ada.lk- ෂේන් සෙනෙවිරත්න)

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්