සමාජවාදය ගැන කතා කිරීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය කවරක් ද

යන්න දැනගත යුතු බවත් ඒ පිළිබඳ කතා කරන්න අත්‍යවශ්‍ය නම් සජිත් ප්‍රේමදාසට ජාජබ ප්‍රතිපත්ති ගැන කියා දීමට තමා සූදානම් බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පැවසීය.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සමාජවාදය ගැන නන්‍ෙදාඩවන්නට ගොස් සමාජයේ විහිළුවක් වන බවත්, සැබැවින්ම ජාතික ජන බලවේගයේ ඇත්තේ පොදුජන ආර්ථික ප්‍රතිපත්තියක් බවත් ලාල්කාන්ත සඳහන් කළේය.

සමාජවාදය හෝ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව කොහේ හෝ කතා කරන්නට අවශ්‍ය නම් ඒ පිළිබඳ පුළුල් කියවීමක් සජිත් ප්‍රේමදාස ට අත්‍යවශ්‍ය බවද හෙතෙම පැවසිය.

ලාල්කාන්ත තවදුරටත් මෙසේ ද සඳහන් කළේය.

“සජිත් ප්‍රේමදාස ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කියනවා. ඔවුන්ට තියෙන්නේ මානුෂික ධනවාදයක් ලු. රනිල් වික්‍රමසිංහට තියෙන්නේ අමානුෂික ධනවාදයක් ලු. සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රධානියා ලෙස පෙනී ඉන්න හර්ෂ ද සිල්වා කිව්වා ඒ අයගේ ආර්ථික ප්‍රතිපත්තිය සමාජ වෙළෙඳපළ ආර්ථික ප්‍රතිපත්තිය කියලා.

මං හිතන්නේ සජිත් ප්‍රේමදාස ඔය කාරණා තුනම ගැන අවබෝධයක් නැතුව ඉන්නේ. සජිත් සමාජවාදය ගැන මොකුත් ම දන්නේ නැහැ කියලයි මට නම් තේරුණේ. අපි නම් හිතන්නේ ආර්ථිකයේ සිදුවිය යුතු වෙනස්කම්, දේශපාලනයේ කළ යුතු වෙනස්කම් මොනව ද, ඒවට පිළියම් මොනවද කියලා සොයන එක පමණයි. සජිත් වගේ කෙනෙක්ගේ පැහැදිලි කිරීම්වලට අපි උත්තර දෙන්න ගියොත් අපේ උත්තරත් විකාරයි. මොක ද එයාගේ ප්‍රශ්නත් විකාර නිසා.

ඒ හින්ද සමාජවාදය ගැන කියන්නට කලින් ඒ ගැන පුළුල් කියවීමක් කරන්න කියලා මං සජිත් ප්‍රේමදාසට කියනවා. ඒ වගේ ම අපිට තියෙන්නේ පොදුජන ආර්ථික ප්‍රතිපත්තියක්. මේ ගැන අවබෝධයක් නැත්නම් සජිත් ප්‍රේමදාසට ඒ ගැන පැහැදිලි කරලා දෙන්න මම කැමතියි. මොක ද දැනගෙන කතා කරොත් සමාජයේ විහිළුවක් වෙන එක හරි නවත්තගන්න පුළුවන්.”

(mawbima.lk -අනුරාධා හේරත්)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්