නැවත ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසෙන බව ප්‍රකාශ කළ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ක්‍රිකට් ආචාර ධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් වරදකරු

බවට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහුට තරග දෙකක තහනමක් පනවා ඇතැයි ICC ය නිවේදනය කළේය.

පසුගිය වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගෙන නැවත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, බංගලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයට ඔහුගේ නම ඇතුළත් කර තිබුණි.

ඒ අනුව එම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇත.

පසුගියදා නිමාවට පත් වූ බංගලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ තෙවැනි එක්දින තරගයේදී හසරංග “අන්තර්ජාතික තරගයකදී විනිසුරුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම” සම්බන්ධ ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය කඩකිරීම සම්බන්ධයෙන් වරදකරු වී ඇතැයි ICC ය නිවේදනය කළේය.

තරගයේ 37 වැනි ඕවරයේදී හසරංග එක් විනිසුරුවරයකුගෙන් තම තොප්පිය උදුරා ගැනීමත් සමඟ තරගයේ විනිසුරුවරයා සමච්චලයට ලක් කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම චෝදනාව එල්ල විය.

ඒම තරගය කඩුලු 4කින් ජයගත් බංග්ලාදේශය එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේය.

වනිඳුට සියයට 50 ක දඩයක් හිමි වූ අතර ඔහු කළ වරදට දඬුවම් ලකුණු තුනක් එකතු විය. ඒ අනුව මාස 24ක කාලයකදී ඔහුට ඒකතුවී ඇති දඬුවම් ලකුණු සංඛ්‍යාව 8 දක්වා ඉහළ යනු ඇත.

නව තරග තහනම සමග වනිඳු හසරංගට බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ටෙස්ට් තරග දෙක අහිමි වනු ඇත.


වනිඳුට 20/20 තරග දෙකක් තහනම් වුයේ ඇයි?


ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මීට පෙර තරග තහනමක් පනවනු ලැබුවේ, ඇෆ්ගනිස්ථානය සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගයෙන් අනතුරුව විනය විරෝධීව හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.


ICC යෙන් වනිදුට පැනවූ දඬුවම කුමක්ද?


සිය චර්යාධර්ම සංග්‍රහයේ 2.13 වගන්තියට අනුව ජාත්‍යන්තර තරගයකදී ක්‍රීඩකයෙකු, ක්‍රීඩක සහායකයෙකු, විනිසුරුවරයෙකු හෝ තරග තීරකවරයෙකුට අපහාස කිරීමේ චෝදනාවට වනිදු හසරංග වැරදිකරුවෙක් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එහිදී නිවේදනය කළේය.

ඒ අනුව ඔහුට විස්සයි 20 තරග දෙකක තහනමක් සහ තරග මුදලින් සියයට 50ක දඩයක් පනවා ඇති බව ICCය විසින් ( පෙබරවාරි මස 24 වැනිදා) නිවේදනය කරන ලදී.


wanidu 1

තරග තහනම නිසා වනිදුට අත්වන ඉරණම කුමක්ද?


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පැනවූ තරග තහනමත් සමග වනිදු හසරංග හට බංග්ලාදේශ සංචාරයේ දී පැවැති පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙක අහිමි විය.


තරග තහනම පැනවීමට හේතුවූ සිදුවීම



ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තෙවන පන්දුවාර විස්සයි 20 තරගයේ දී විනිසුරු ලින්ඩන් හැනිබල්ගේ තීරණය සම්බන්ධයෙන් වනිඳු හසරංග සිය විරෝධය පළ කළේය.

එම තරගයේ දී අවසන් පන්දුවාරයේ ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නා විසින් ඉනට ඉහළින් යොමු කළ පන්දුවක් පැති විනිසුරුවරයා ලෙස කටයුතු කළ ලින්ඩන් හැනිබල් විනිසුරුවරයා විසින් නිපන්දුවක් ලෙස සංඥා නොකරන ලදී.

තරගය අවසන් වීමෙන් අනතුරුව නායක වනිඳු හසරංග විසින් ඊට සිය විරෝධය පළ කළේය.

පසුව මාධ්‍ය හමුවේ දී වනිඳු හසරංග විසින් විනිසුරුවරයාගේ තීරණ විවේචනය කර තිබුණි.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ලින්ඩන් හැනිබල් විනිසුරුවරයා විසින් තරග තීරකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් බ්‍රෝඩ් හට පැමිණිල්ලක් ද සිදු කර ඇත.
ඒ හේතුවෙන් , වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පනවා තිබේ.

(BBC සිංහල සේවය) 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්