ජන අරගල ව්‍යාපාරය ඊයේ (මාර්තු 20) කොළඹ දී කළ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුවන් 33 දෙනාගෙන් සිව්දෙනෙක් මාර්තු

27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ අත්අඩංගුවට ගැනුණු කාන්තාවක් වේ.

ඊට අමතරව අධිකරණයට ඉදිරිපත් කළ තවත් 5 දෙනෙකු හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ඔවුන්ව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටත් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත.

ආණ්ඩුවේ මර්දනය සහ රටේ පවතින ගැටලු ගැන සඳහන් කරමින් පැවති මේ විරෝධතාවයේ දී ආර්ථික හා විදේශ ප්‍රතිපත්ති විවේචනයට ලක්විය.

සබැඳි පුවත් :
ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයේ දී 33 ක් පොලිස් අත්අඩංගුවට


 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්