ඇතැම් ප්‍රදේශවල සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීමේදී පොලිස් නිලධාරීන් විසින් වැරදි තොරුතුර ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් පවසයි. 


අමාත්‍යවරයා පවසා සිටියේ, එවැනි වැරදි තොරතුර ලබාදුන් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

අමාත්‍යවරයා එබව කියා සිටියේ, රත්නපුර පොලිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා ඊයේ (23) පැවැති විශේෂ වැඩමුළුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ටිරන් අලස් මෙසේද පැවසිය.

 

"මම මේ අමාත්‍යංශය බාර ගන්න කොට 2022 මැයි මාසේ මුළු රටම ගිනිගත්ත වෙලාවක තමයි මම මේක බාරගත්තේ. මම එවකට ආණ්ඩුවේ නෙවෙයි හිටියේ. මම විපක්ෂයේ වාඩිවෙලා හිටියේ. නමුත් මට හිටපු ජනාධිපතිතුමා හැමදාම කතා කර කර මැයි 09 වෙනිද සිද්ධි වලට පස්සේ ආරාධනා කෙරුවා එම අමාත්‍යංශය භාරගන්න කියලා. මම ඒ අභියෝගය බාර ගත්තා මැයි මාසෙ 20 වන දින මේ අමාත්‍යංශය භාරගත්තා. ඒ වෙලාවේ මට තිබුණ අභියෝගය තමයි රටේ ඇතිවෙලා තිබ්බ තත්ත්වය සමනය කරලා යථා තත්ත්වයට පත්කරන්න''

 

'' අමාත්‍යාංශය බාර අරගෙන ටික දවසක් යනකොට හිටපු ජනාධිපතිවරයත් පිටවී ගිහින් වර්තමාන ජනාධිපතිතුමා වැඩ භාරගත්තා එතකොට අපිට තිබුණ අභියෝග දෙකයි, ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්නයි රට සමනය කරන්නයි මට දැඩි තීරණ ගන්න වුණා ඒ අවස්ථාවේ.

ඒ අවස්ථාවේ මුළු කොළඹම එක එක ගම් පිහිටවලා පෙළපාළි යනවා. එවැනි තත්ත්වයක් තිබුණේ. කාර්යාල බොහොමයක් කොළඹ වසා තිබුණේ. සමහර උදවියට රස්සා නැති වෙලා තිබුණා. රස්සාවල් කරන උදවියටත් පඩි ලැබුණේ සීයට පනහක් විතර. කොළඹ පාරෙ කාටවත් ගමන් කරන්න බෑ විදේශිකයෙක් පය ගැහුවේ නෑ.ඉතින් එවැනි අවස්ථාවල දැඩි තීරණ අරගෙන අපිට ඒ තත්ත්වය වෙනස් කරන්න වුණා. 

''පොලිස් නිල ඇඳුම ඇඳගෙන තත්ත්වයට හෑල්ලු වෙන්න දෙන්න බෑ''

මට මතකයි එතකොට වර්තමාන පොලිස්පතිතුමා බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හැටියට මම එතුමාට කතා කරලා මම තීරණය කෙරුවා ඉස්සෙල්ලාම පිහිටවලා තියෙන ගම් අයින් කරන්න. අපි මම හිතන්නේ මට මතක විදිහට පැය හතළිස් අටක් දුන්නා ඒගොල්ලන්ට ඉවත් වෙන්න. ඉවත් වුණේ නැත්තං කරන දේත් කිව්වා . ඒ වෙලාව වෙනකොට පොලිස් නිලධාරීන් වැටිලා හිටියේ. ඔබ සියලු දෙනා දකින්න ඇති tv වල පොලිස් නිලධාරීන්ට මහ පාරේ සලකපු හැටි කතා කරපු හැටි ඉතින් මම ඒ වෙලාවේ තීරණය කෙරුවා ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතුයි කියලා. පොලිස් නිලධාරියෙක් පොලිස් නිල ඇඳුම ඇඳගෙන පාරේ ඒ තත්ත්වයට පත්වෙන්න බෑ.''

 

''මම භාරගත්ත ගමන්ම ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ට කතා කරලා කිව්වේ ගැහුවොත් ගහන්න ඕනේ කවුරු වුණත් කමක් නෑ. ඉතින් එහෙම තමයි අපි වැඩ පටන් අරගෙන පොලිස් නිලධාරීන්ට නැවත බලාපොරොත්තුවක් දුන්නේ බය නැතුව ඉස්සරහට යන්න පුළුවන් කරන වැඩ ටික කෙරුවොත් අපි ඔවුන්ට සහයෝගය දෙන්න ඉන්නවා කියලා. ඉතිං අපි ඒ ටික කෙරුවා , කොළඹ සුද්ද කෙරුවා, නැවත යථා තත්ත්වයට පත් කෙරුවා. අපි එහෙම කෙරුවේ නැත්තං ඒ වෙලාවෙ සමහරවිට ඔබ සියලු දෙනාම ගෑස් පෝලිංවල පෙට්‍රල් පෝලිං වල කිරිපිටි පෝලිම්වල තාම ඉන්න ඉඩ තිබුණා. ඒ මොකෝ ඒ ක්‍රියාකාරකම්වලින් රටට හොඳක් උන්නෑ . රට වැටිලා තිබුණෙ සල්ලි නැතුව , විදේශිකයෙක් එන්නෙ නැතුව, ආදායමක් නැතුව. ඉතින් අපි ඒ තත්ත්වය වෙනස් කෙරුවේ නැත්නම් ඒ වෙලාවේ ඔබ සියලු දෙනා තවමත් දුක් විඳිනවා.'

 

එතකොට ඒ වෙලාවේ ගරු ජනාධිපතිතුමාට තිබ්බ අභියෝගය තමයි ආර්ථිකයේ යම්කිසි විදියකට ගොඩ ගන්න එක. ඉතින් එතුමා ඒ දේ කරනකොට එතුමා මට කිව්වේ ඔයා නීතිය හා සාමය රකින විදියට රට කොහොමහරි නැවත පත් කරන්න. ඉතින් එතුමා එතුමාගේ වැඩ කොටස කරා පෝලිම් නැති වුණා . මිල වැඩි වුණත් අපිට පෙට්‍රල් ද ගෑස්ද කිරිපිටි ද අඩුවක් නැතුව ලැබෙන්න සැලැස්සුවා ඒ වෙලාවේ හැටියට මිල අධික උනත්. අපිට තේරෙනවා සියලු දෙනාටම අමාරුයි නමුත් දැන් පේනවා ටික ටික මිල අඩු වේගෙන යනවා. ඒ මේ ආර්ථිකය කළමනාකරණය කරපු නිසා. 

හැම එකම කුඩුවලටත් සම්බන්ධයි...

ඉතින් මේ දේවල් කරාට පස්සේ මම බැලුවා අපිට මොකක්ද මේ රටේ තව කරන්න තියෙන්නේ නීතිය හා සාමය පැත්තෙන්. මට පෙනෙන ඇහෙන දේවල් ඉස්සර ඉඳන් අපේ කාන්තාවන් විඳපු දුක. ගෙවල්වල අම්මලා විඳපු දුක පුතාලා දරුවෝ කුඩු බොන එක හින්දා රත්තරන් බඩුවක් තියාගන්න නෑ, සමහරවිට සාරියක් තියාගන්න නෑ මේවා අරගෙන ගිහිල්ලා විකුණනවා, විකුණලා කුඩු බොනවා. අපේ රටේ පවුල් දහස් ගානක් කැඩිලා තියෙනවා මේ කුඩු ව්‍යාපාරය නිසා.ඒ අතරතුරම සම්බන්ධව පාතාලය ඔලුව උස්සලා තිබුණා නරක විදිහට. මං කියන්ඩ ඕනේ අරගලය කාල අපේ පොලිස් නිලධාරීන් පැය විසිහතරම යොදවන්න වුණේ මේ අරගල මැඩ පවත්වන්න. වෙන වැඩකට වෙලාවක් තිබුණේ නෑ ඒ කාලේ.ඒ කාලේ තමයි පාතාලය හිස ඔසවන්න පටන් ගත්තෙ. ඉතින් ටික දවසක් යනකොට සමහර මාසවල් තිබුනා හැමදාම උදේ නැගිටිනකොට කාට හරි වෙඩි තියලා මරලා දාලා.මේ හැම එකම කුඩුවලටත් සම්බන්ධයි.

ඉතින් අපි දෙසැම්බර් 17 මේක පටන් ගත්තේ , ඊට මාස හයකට විතර උඩදී මම කමිටුවක් පත් කෙරුවා වර්තමාන පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි මොකක්ද කළ යුත්තේ කියලා තීරණය කරන්න.ඉතින් මාස හයක් විතර ඒක අධ්‍යනය කරලා අපි සාකච්ඡා කෙරුවා මොනවද කළ යුත්තේ කියලා . ඒ දවස්වල තමයි මම මෙතුමාව පොලිස්පති කරන්න කියලා ජනාධිපතිතුමාට බල කරමින් සිටියෙ. ඒක මං හිතන්නෙ මාධ්‍යවලත් ගියා ඔබ සියලු දෙනා දකින්න ඇති. ඒකට හේතුව තමයි මට ඕනකම තිබුනේ මෙතුමාවත් පොලිස්පති හැටියට පත් කරලා ඉවර වෙලා මෙම වැඩ කොටස පටන් ගන්න. ඉතින් කොහොම හරි අපි වැඩ බලන පොලිස්පති හැටියට පත් කෙරුවා. පත් කරපු ගමන් මං මෙතුමාට කිව්වා මට එක දවසක දකුණු පළාතම ආවරණය වන පරිදි මෙවැනි රැස්වීම්   මාලාවක් ආරම්භ කරන්න.  ඉතින් දෙසැම්බර් 16 වැනිදා අපි රැස්වීම් හතරක් කෙරුව මුළු දකුණු පළාතෙම.

ඉතිං එදා තමයි අපි දැනුම් දුන්නේ පහුවදා ඉඳන් යුක්තිය මෙහෙයුම පටන් ගන්නවයි කියලා. ඉතින් ඒක පටන් අරගෙන මම වැඩි විස්තර කියන්න ඕනේ නැහැ ඔබ සියලු දෙනාම දන්නවා ඔබ සියලු දෙනාගේම නගරවල ගම්වල එදා තිබුණ තත්වේ අද තියෙන තත්වය වෙනසක් වෙලාද නැද්ද කියන එක . හැබැයි අපි තදින්ම ක්‍රියා කෙරුවා. කුඩු ව්‍යාපාරයේ කට්ටි තුනක් තියෙනවා. එක කට්ටියක් තමයි  මහා පරිමාණයේ කුඩු ලංකාවට ගේන කට්ටිය. ඒගොල්ලන්ව නාවික හමුදාවයි පොලිසියයි බුද්ධි අංශයි එකතු වෙලා බලාගන්නවා නැව්වලින් බෝට්ටුවලින් ගේන එක. අනිත් කොටස තමයි කුඩු බොන අය.

 

මං කිව්වා කරුණාකරලා කුඩු බොන අයව අමතක කරන්න. මට ඕන කම තිබ්බේ කුඩු විකුණන ජාලය නැති කරන්න ඉතිං අපි මේ යුක්තිය මෙහෙයුම පටන් ගත්තේ සෑම ප්‍රදේශයකම කුඩු විකුණන අයව සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඒ ව්‍යාපාරයෙන්. ඉතින් අපි ඒකට බුද්ධි අංශ වලින් සෑම ගමක නගරයකම කුඩු විකුණන අයගේ ලයිස්තුවක් අපි ළඟ තිබුණා. ඉතිං අපි දාහත්වෙනිදා පටන් ගන්නකොට පොලිස්පතිතුමා විසින් ඒ සියලු ප්‍රදේශවලට ඒගොල්ලන්ට අදාල ලැයිස්තු ටික බෙදා හැරියා. එදා හැරලා තමයි අපි කිව්වේ මේ සියලු දෙනාම අත්අඩංගුවට ගන්න ඕනේ කියලා. ඉතිං යුක්තිය මෙහෙයුම පටන් ගත්තෙ ඔය විදියට. 

 

යුක්තිය මෙහෙයුම පටන් ගන්න ඉස්සෙල්ලා අපි ඒ ගැන අධ්‍යයනය කරන කාලෙ තමයි අපි මේ ප්‍රජාව කමිටු පිහිටවන වැඩේ අලුතින් කෙරුවේ . අපි අලුත් විදිහකට හිතලා මට මතකයි මම සැප්තැම්බර් 30 වෙනකොට ඒක ඉවර කරන්න කියලා තිබුණේ , ඊට පස්සේ ආයෙ ඔක්තෝම්බර් 10 වෙනකම් කල් ඉල්ලුවා.මං ඔක්තෝබර් දහය වෙනකොට ඉවර කරන්න කියලා කිව්වා . හැබැයි පොලිස්පතිතුමා කිව්වා වගේ සමහර පැතිවල ඒක හරියට කරලා නෑ . අපිට බොරු තොරතුරු දීලා තියෙන්නේ. එවැනි පොලිස් නිලධාරීන්ට විරුද්ධව ගන්න පුළුවන් උපරිම action එක මම ගන්නවා මේ දේ කරන්න බැහැ පොලිස් නිලධාරින් සියලු දෙනා එකට එකතු වෙලා කරේ නැත්නම්.

කවුරුහරි ඉන්නවනම් අපිට ඕන විදිහට මේ වැඩේ කරන්න බැරි , ඒගොල්ලන් යුනිෆෝම් එක ගලවලා යන්න ඕනේ. ඉතිං අපි ඒ ප්‍රජා කමිටු හැදුවේ ඒ විදිහට. ඔබට අපි ඔබ සියලු දෙනාගෙන්ම බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා පොලිස්පතිතුමා පැහැදිලි කරලා දුන්නා.  අපි සියලු දෙනා එකට එකතුවෙලා වැඩ කොටස කෙරුවොත් තමයි අපිට මේකෙන් ජය ගන්න පුළුවන් පොලිසියට වඩා ඔබ සියලු දෙනා තමයි ඔබ සියලු දෙනාගේ ගම්වල නගරවල උඩු විකුණන්නෙ කවුද වැරදි වැඩ කරන්නේ කවුද චන්ඩි කවුද ඒ මොකද චණ්ඩි තමයි පාතාලයට ගිහිල්ලා ලොකු චණ්ඩි වෙන්නේ , ඒවා බෑ මෙහේ නගරවල ගම්වල චන්ඩි ඉන්න බැහැ .එතකොට ඒ විස්තර දන්නෙ ඔබ සියලු දෙනා.

 දැන් ඔබ සියලු දෙනාටම ටෙලිෆෝන් නම්බර් දීලා තියෙනවා බය නැතුව කතා කරන්න පුළුවන් . මම දන්නවා ඉස්සර මොනවා හරි ඔත්තුවක් දුන්නොත් ඒක අනිත් පැත්තට දැනගන්නවා අනිත් මිනිස්සු දැනගෙන ඔත්තුව දුන්නු එක්කෙනාට හිරිහැර කරනවා , ඒ දේ අපි දැන් නැති කරලා තියෙන්නේ.මේ දීලා තියෙන ටෙලිෆෝන් නම්බර්ස්වල CLI පවා අයින් කරලා තියෙන්නේ. නිලධාරීන් ආන්සර් කරනකොට මොන නොම්බරයෙන්ද කෝල් එක එන්නේ කියලවත් දන්නේ නෑ අපි එච්චර දුරට ඒක හිතලා කරලා තියෙන්නේ අපිට තොරතුරු සපයන සෑම දෙනාම ආරක්ෂා කරන්න ඒක හින්දා කරුණාකරලා බය නැතුව අපිට තොරතුරු දෙන්න අපි දෙන හැම තොරතුරක්ම හොයලා බලලා මේව කරනව දැන් මගේ ටෙලිෆෝන් එකට මං දන්නෑ නොම්බරේ කොහොම හොයා ගෙනද කියලා හැමදාම දිගටම කෝල් එනවා "සර් අපේ ගමේ එක වෙනවා අරක වෙනවා"  කියලා. හැබැයි ඒ එන හැම කෝල් එකක්ම මම අදාළ පුද්ගලයන්ට යොමු කරලා ඒක අපි ෆලෝ අප් කරනවා . ඉතිං ඒක හින්දා බය නැතුව අපිට ඒ තොරතුරු දෙන්න. 

තොරතුරු දුන්නහම අපිට මේ වැඩ කොටස කරගෙන යන්න ගොඩක් උදව් වෙනවා.දැන් මේ පොලිසිය සෑම නීති විරෝධී වැඩක් කරන පුද්ගලයින් පසුපසම එළවනවා. ඔබ දැන් මේ දකින්න ඇති අපි මේ කරන මෙහෙයුමටත් කොච්චර නම් බාධා ඇති කරනවද, මං වැඩි විස්තර කියන්න ඕන නෑ දකිනව ඇති ෆේස්බුක් වල එහෙම කී දෙනෙක් බාධා කරනවද. පොලිස්පතිතුමාට බනිනවා මට බනිනවා මාව අයින් කරන්න ඕනේ කියනවා. ඉතින් ඒ ඔක්කොම කරන්නේ මේ කුඩු සල්ලි හින්දා. කුඩු සල්ලි පාවිච්චි කරලා කුඩු විකුණන මිනිස්සු සමහර දේශපාලනඥයන්ව අල්ලනවා, නීතිඥවරු අල්ලනවා, සමහර ලොකු මිනිස්සුන් අල්ලනවා , ඒගොල්ලන් හරහා මේක නවත්තන්න හදනවා, ජාත්‍යන්තරයෙන් අපිට බලපෑම් එනවා,  නිවේදන නිකුත් කරනවා මට ලියුම් එවනවා, මේක නවත්තන්න කියලා. නමුත් මං එක පොරොන්දුවක් දෙනවා කවුරු බලපෑම් කෙරුවත් මොන නිවේදන නිකුත් කෙරුවත් අපි මේ රට මේ කුඩු වලිනුයි පාතාලෙනුයි සුද්ද කරනකන් මේක නවත්තන්නෙ නෑ. ඒකයි අපි දිගින් දිගටම කියන්නේ ඔබ සියලු දෙනා අපි එක අත්වැල් බැඳ ගන්ඩ . ඒ මොකෝ මං මේ ඇමතිකම ගත්තට පස්සේ පොලිස් නිලධාරීන්ට කියලා තියෙන්නේ කිසිම වැරදි වැඩකට අත ගහන්න එපා . කොයි ලොක්ක ටෙලිෆෝන් කරලා බලපෑම් කරත් කරන්න එපා. දේශපාලනඥයෝ පෝල් කරල මේ දේ කරන්න කිව්වත් කරන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න මං දේශපාලඥයින්ව බලා බලාගන්නං. ඒ පණිවිඩය තමයි මම පොලිස්පතිතුමාටයි,ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙ රැස්වීම්වලදිත් මං කියලා තියෙන්නේ. ඒක හින්දා මේ අවධියේ අපි හරි දේ කරන්නේ.

 

'' දැන් අපි ගමු ප්‍රශ්න තියෙනවා උතුරේ නැගෙනහිර ආගමික ප්‍රශ්න, බෞද්ධ සිද්ධස්ථාන වලට අරියාදු කරනවා සමහර අය. ඊට පස්සේ හින්දු සිද්ධස්ථාන වලට හරියාදු කරනවයි කියලා අනිත් අය පැමිණිලි කරනවා අපි ඒවා එකකටවත් ඉඩක් තියන්නේ නෑ. දැන් බෞද්ධ සිද්ධස්ථාන ඊයේ පෙරේද දකින්න ඇති පාර්ලිමේන්තුවේත් ලොකුවට කතාවෙච්ච එකක් තමයි නැදුන්කර්නි වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ තියෙන පරිශ්‍රයකට ගිහිල්ලා පුද පූජා කරන්න ගිහින් අපි අත්අඩංගුවට ගත්තා කියලා නව දෙනෙක් . එතන වුණේ  පුරාවිද්‍යා පනතක් කඩ කරලා වන රක්ෂණ පනතක් කඩ කරලා යම්කිසි පිරිසක් ගිහිල්ලා මහා ශිව රාත්‍රී දිනයේ පූජාවල් පවත්වන්න හැදුවා. මට කතා කරලා මෙහෙම වෙනවයි කිව්වහම මම කිව්ව අත්අඩංගුවට ගන්න. දැන් ඒකට ඔබ සියලු දෙනා දකින්න ඇති ඊයේ පෙරේදා  විපක්ෂයෙන් පාර්ලිමේන්තුවේ නටපු නැටිල්ල . ඒ දන්නැතුව. විපක්ෂයේ සමහර අය කිව්වා කෝවිලක් වදින්න ගියා ඒවා අත්අඩංගුවට ගත්ත එක වැරදියි කියලා. එතන කිසිම කෝවිලක් නෑ එතන තියෙන්නේ කැලයක්. චෛත්‍යයක් තිබුණු එකක් කඩල චෛත්‍යයේ අර පාදම විතරක් තියෙනවා. ලෙන් කිහිපයක් තියෙනවා එච්චරයි තියෙන්නේ. එහෙම තැන්වලට ගිහිල්ලා මෙවැනි වැඩ කරන්න අපි ඉඩ තියන් නැහැ.''

 

මං ස්වාමීන් වහන්සේලාටත් කියන්නේ , බෞද්ධ සිද්ධස්ථාන වලට වැරදි විදිහට අතදාලා මෙවැනි ප්‍රශ්න ඇති කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම තමයි හින්දු ස්ථානවලට කවුරුහරි ගියොත්, එක්කෝ ඉස්ලාම් ස්ථානවලට කවුරු හරි ගියොත් අපි ඒවට ඉඩ තියන්නෙත් නෑ. 

ඉතින් මේ කාලේ අපේ පොලිසිය යම්කිසි ක්‍රමයකට වැඩ කරන කාලයක්.ඉතින් ඔබ සියලු දෙනාටම ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ ප්‍රයෝජනය ගන්නේ තමන්ගේ ගම් හදා ගන්ඩ රට හදාගන්න තමන්ගේ පවුල හදාගන්න.මේ ඔක්කොම කරන්නේ ඔබ සියලු දෙනාගේ දූ දරුවන් වෙනුවෙන්.කුඩු බොන එක කොහොමහරි නවත්තන්න හදන්නේ අපේ අනාගත පරපුර වෙනුවෙන්.අපේ පවුල් වෙනුවෙන්.සමහරවිට අම්මල තාත්තල ගහගන්නවා කුඩු හින්දා, ගෙදර බඩු නැතිවෙනවා කුඩු හින්දා.ඉතිං අපි මේ සියලුදෙම කරන්නේ ඒවා නැති කරන්න. පාතාලය නැති කරනවා.පාතාලයේ අයට මම දිගින් දිගටම කියලා තියෙන්නේ ඔය ඒගොල්ලන්ගේ වැඩ නතර නවත්වන්න  මොකද අපි එළවගෙන එනවා. නැත්නම් මං STF එකට කියලා තියෙන්නේ STF එකට ඒක කරන්න බැරි නම් uniform එක ගලවලා යන්න ඕනේ. එතකොට මේ ඉහළ නිලධාරීන්, පොලිසිය, STF මේ ඔක්කොම ඉන්නේ නිකන් අත ගගා ඉන්න නෙමෙයි. තුවක්කුව අතට දීල තියෙන්නේ නිකන් අතේ තියාගෙන ඉන්න නෙමෙයි. ඉතින් පාතාලය අපි අනිවාර්යයෙන් වැඩි දවස් යන්න ඉස්සෙල්ලා නැති කරන එක නැති කරනවාමයි.

ඉතිං මම අවසාන වශයෙන් කියන්නේ ඔබ සියලු දෙනාම අපිත් එක්ක අත්වැල් බැඳගන්න. පොලිස් නිලධාරීන්ට හයියක් වෙන්න. ඒගොල්ලන්ව දිරිමත් කරන්න. තමන්ගේ ගමේ නගරයේ පොලිසිය, පොලිසියේ උදවිය, පොලීසියෙ ඕ අයි සී ලා එක්ක එකට වැඩ කරන්න.වැඩ කරලා මේ ගොල්ලන්ව දිරිමත් කරන්න. මම දන්නවා, මම දැනටම දන්නවා, මට මහජනතාව කතා කරන ඒවායෙන් මම දන්නවා, රට පුරාම මහජනතාව අපි එක්ක ඉන්නවා මේ යුක්තිය මෙහෙයුම ගැන . ඊටත් වඩා තව එකතු වෙන්න. එකතුවෙන්න තොරතුරු දෙන්න . අපි අනිවාර්යයෙන් ඔබ සියලු දෙනාගේ පළාත් ටිකක් සුද්ද කරන්නං කුඩු වලින් සහ පාතාලයෙන් සුද්ද කරලා දෙන්න අපි වැඩකටයුතු කරනවා."

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක , පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ත්‍රිවිධ හමුදා උසස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරින්, ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

police 45police 46
 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්