රාජ්‍ය ආයතන විශාල ලෙස පාඩු ලබන්නේ රාජ්‍ය කළමනාකරණයේ ඇති දුර්වලතා නිසා බවත් මේ වන විට රාජ්‍ය ආයතන ගොඩගත නොහැකි

තත්ත්වයට පත්ව ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.

‘‘රාජ්‍ය ආයතනවල බර පැටවෙන්නේ රටේ ජනතාවටයි. දුර්වල රාජ්‍ය පාලනය නිසා රාජ්‍ය ආයතන පාඩු ලබනවා. අපේ රජයක් යටතේදී ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියක් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මැලේසියාවේ, සිංගප්පූරුවේ විවිධ ‘මොඩල් ‘ තියෙනවා ඒවා සාර්ථකව ඒ රටවල්වල ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ගැන අත්හදා බැලීම් කරන්න අවශ්‍ය නැහැ. ඒ සම්බන්ධයෙන් අත්දැකීම් ලබාගෙන විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරිම්වලට ලක් කරන්න අපි උත්සාහ කරනවා. එය විකිණීම්වලට වඩා විශාල වශයෙන් වෙනස් ක්‍රියාවලියක්.

ප්‍රතිව්‍යුහගත කිරීමේ නව තාක්ෂණිකව මොඩලයක් තෝරාගෙන ඒ ආයතනවල ඒකාධිකාරියක් ඇති නොවන ආකාරයට රජයේ අයිතියක් හෝ නියාමනයක් තියාගෙන මේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුයි.

(silumina.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්