මහාචාර්ය සමන්ත සමරකෝන් විසින් රචිත 'ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය' ග්‍රන්ඨය මාර්තු 31 වැනි ඉරිදා එළි දැක්වීමට

කටයුතු සුදානම් කර තිබේ.

පොත එළි දාක්විමේ උත්සවය උදේ 9.00 ට කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.

මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි සහ කොළඹ විශ්ව විද්‍යාලගේ උපකුලපති මහාචාර්ය එච්.ඩී කරුණාරත්න සහභාගී වේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි පරනගම සහ මහාචාර්ය රත්නායක එම්. අබේරත්න යන මහාචාර්යවරුන් මෙහිදී ආරාධිත දේශන පවත්වති.

එසේම මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයන් වශයෙන් සම්මානිත මහාචාර්ය ජයන්ත ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන ද සහභාගි වීමට නියමිතව ඇත.

 
(චතුරංග මේදිස්)
31

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්