ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමිය 15% පොළිය නැවත ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලිමක් කර තිබේ.



අවස්ථා කිහිපයක් හැරුණු කොට ආණ්ඩු ගණනාවක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමට 15%ක පොළියක් ලබා දුන්නත් අද එය 8% දක්වා අඩු වී ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

ජීවිතේ සැදෑ කාලය ගත කර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුමට එම පොළි ආදායම නැවත ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ලක්ෂ සංඛ්‍යාත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉල්ලීම වන්නේ තමන්ට හිමි පොළිය ලබා ගැනීම බැවින් එම විශේෂිත පොළිය නැවත ලබා දෙන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමාදාස වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

 

 
(චතුරංග මේදිස්)
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්