මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණයින්ගේ 57 දෙනොගෙන්

8 දෙනෙකු රජය මැදිහත් වී බේරාගත්තා යැයි ප්‍රකාශ කිරිම සාවද්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර තිබේ.

සිදුව ඇත්තේ චීනයේ බලපෑම මත එම පරිගණක අපරාධකරුවන් කඳවුරු අතහැර පලා යද්දි එහි සිටි ලාංකික තරුණයින් 8 දෙනෙකු මියන්මාර පොලිසිය භාරයට ගැනීම බවයි නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මන්ත්‍රීවරයා පවසන්නේ.

ඔහු එබව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ දී අද (01) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

“මේ වන විට අප්‍රිකානු රටක් විසින් ළමයි 26 දෙනෙකු මුදවාගෙන තිබෙනවා ඊයේ. ශ්‍රී ලාංකික තරුණයින්ද බේරා ගැනීමට තායිලන්තය හරහා ප්‍රවේශයක් තිබෙනවා මොකද සැපයුම් ජාල තිබෙන්නේ තායිලන්තය පැත්තෙන්. අපට අවස්ථාවක් දෙන්න තායිලන්තයේ විදේශ අමාත්‍යවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡාවක් කරන්න.”

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායමක් වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කිරිමට යාමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර වැඩිදුරටත් කියා සිටියේය.


(චතුරංග මේදිස්)

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්