ප්‍රථම වතාවට චීනයෙන් ආනයනය කළ ලොකු ලූණු මේ දිනවල පිටකොටුව තොග වෙළෙදපොළෙන් මිලදී ගත හැකි බව ආනයනකරුවෝ හා තොග වෙළෙන්දෝ පවසති.


මෙම චීන ලොකු ලූණු කිලෝවක තොග මිල රුපියල් 320 ක් පමණ වන බවත් එම ලූණු හොද තත්වයේ පවතින බවත් ඔවුහු කියා සිටිති.

ඉන්දියාව හා පකිස්ථානය ලොකු ලූණු අපනයනය තහනම් කිරීමෙන් පසුව මෙරට ආනයනකරුවන් හා තොග වෙළෙන්දන් බලවත් අසීරුතාවකට පත් වූ බව ද ඔවුහු පවසති.

පසුව ආනයනකරුවන් හා තොග වෙළෙදුන් චීනයෙන් ලොකු ලූණු ආනයනය කිරීම ආරම්භ කළ අතර එම චීන ලොකු ලූණු ඊයේ (1) සිට පිටකොටුව තොග වෙළෙදපොළේ අලෙවි කරන බවද ඔවුහු පැවැසූහ.

මේ අනුව උත්සව සමයේ ලොකු ලූණු හිගයක් ඇති නොවන බවත් පාරිභෝගිකයන්ට අවශ්‍ය තරම් ලොකු ලූණු හිගයකින් තොරව මිලදී ගත හැකි බවත් ආනයනකරුවෝ පවසති.

 

පසුගිය වසරේ දී මෙරටට ලොකු ලූණු ආනයනය කළ ව්‍යාපාරිකයින් රුපියල් කෝටි 8,000ක පමණ අයථා ලාභයක් ලබාගෙන ඇති බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ.

 

එම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක ඊයේ (01) පාර්ලිමේන්තුවේදි ඊට අදාළ වාර්තා ඉදිරිපත් කරමින් මේ පිළිබඳ කරුණු පැහැදිලි කළේය.

 



(lankadeepa.lk - මහින්ද නිශ්ශංක)
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්